• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අප ආරම්භ කළ යුක්තිය මෙහෙයුම කිසිසේත්ම නතර කරන්නේ නැහැ – ඇමැති ටිරාන්

14 January 2024
in දේශීය, පුවත්
අප ආරම්භ කළ යුක්තිය මෙහෙයුම කිසිසේත්ම නතර කරන්නේ නැහැ – ඇමැති ටිරාන්

කවුරුන් කවර මතයක් පල කලත් අප ආරම්භ කළ යුක්තිය මෙහෙයුම කිසිසේත්ම නතර කරන්නේ නැති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ අවිස්සාවේල්ල ප්‍රාදේශයේ ප්‍රජා පොලිස් කමිටු දැනුවත් කිරීම සඳහා පැවති විශේෂ වැඩමුළුවක් අමතමින්.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, ” රට තුල මත්ද්‍රව්‍ය හා පාතාලය වර්ධනය වීමට අරගලයද එක් හේතුවක් බවට පත් වුණා.රටටම ව්‍යසනයක් බවට පත් වූ එම තත්වය මර්දනය කිරීමේ සැලසුම් අප සකස් කලේ මීට මාස 6කට පමණ පෙර සිටයි.යුක්තිය මෙහෙයුම ආරම්භ වූයේ එලෙස සිදුකල පුළුල් අධ්‍යයනයන් වලින් අනතුරුවයි. ඒ අනුව දකුණු පළාතෙන් මෙහෙයුම ආරම්භ කරනු ලැබුවා.එහිදී අපගේ විශේෂ අවධාණය යොමු වූයේ මත්ද්‍රව්‍ය බෙදා හැරීම මර්ධනය පිළිබඳවයි. ඊට පාතාලය ද සම්බන්ධයි. එවකට ඇතැම් කාලවල දිනපතා ඝාතන ඇතුළු අපරාද සිදුවීම් රැසක් වාර්තා වුණා.රටට බරක් වූ මෙම සියලු අපරාධ කරුවන් හඹා ගොස් නීතිය හමුවට පැමිණවීම අපේ අරමුණයි. ආයුධ සන්නද්ධ අපරාධකරුවන් සොයා පොලිසිය යන්නේද ආයුධ සන්නද්ධවයි. එම නිසා නීතියට අනුව අවශ්‍ය අවස්ථාවේදී ආයුධ භාවිතා කිරීමට පොලිසියට සිදු වනවා. මෙලෙස කටයුතු කරගෙන යන අවස්ථාවේදී ජාත්‍යන්තර වශයෙන් මෙන්ම ඇතැම් දේශීය කල්ලි වලින්ද අපට විවිධ අභියෝග, බාධක එල්ල වීමට පටන් ගෙන තිබෙනවා. කුහක, ඊර්ෂ්‍යවෙන් පෙලෙන, රටට විරුද්ධව කටයුතු කරන පිරිස් එලෙස කටයුතු කරනවා. මේ මෙහෙයුමට විරුද්ධව එම පිරිස් ජාත්‍යන්තරයට ලියනවා.පසුගිය දිනක එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් සංවිධානයේ ඉහළ නිලධාරීන් ද මීට විරුද්ධව ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා. මේ පිලිබඳ විවිධ මාධ්‍ය විසින් අපේ මතය කුමක්ද යන්න පිලිබඳවත් විමසනවා කවුරුන් කවර මතයක් පල කලත් අප ආරම්භ කළ මෙහෙයුම කිසිසේත්ම නතර කරන්නේ නැහැ.අඛණ්ඩව ඉදිරියට කරගෙන යනවා. මේ මෙහෙයුමට විරුද්ධව එම පිරිස් ජාත්‍යන්තරයට ලියනවා.පසුගිය දිනක එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් සංවිධානයේ ඉහළ නිලධාරීන් ද මීට විරුද්ධව ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා. මේ පිලිබඳ විවිධ මාධ්‍ය විසින් අපේ මතය කුමක්ද යන්න පිලිබඳවත් විමසනවා කවුරුන් කවර මතයක් පල කලත් අප ආරම්භ කළ මෙහෙයුම කිසිසේත්ම නතර කරන්නේ නැහැ.අඛණ්ඩව ඉදිරියට කරගෙන යනවා. මෙවැනි බාධා කිරීම් සිදු කරන්නේ රාජ්‍ය නොවන සංවිධාන වලින් මුදල් ලබාගන්නා, කුඩු නඩු වලට පෙනී සිටින, ඒ මුදල් වලින් යැපෙන අතලොස්සක් නීතීඥයින්. පසුගිය සතිය තුල වැඩබලන පොලිස්පතිතුමාට එරෙහිව නඩු පිට නඩු. මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගේ මුදලින් යැපෙන පිරිස් මේ වැඩපිලිවෙල නතර කරගැනීමට එලෙස කටයුතු කරනවා. මේ වන විට අපට ජීවිත තර්ජන එල්ල කරමින් ලිපි එවීමටත් එම පිරිස් කටයුතු කරනවා.ඊට නිසි පිළිතුරු ලබා දිය යුත්තේ මේ රටේ ජනතාවයි. මෙම තත්වය නතර නොවුනහොත් තව නොබෝ දිනකින් නම් ගම් සහිතව එම තොරතුරු හෙළි කිරීමට අප පියවර ගන්නවා යැයි අමාත්‍ය ටිරාන් අලස් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා, ප්‍රාදේශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, ප්‍රජා පොලිස් කමිටු නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

Post Views: 128
Previous Post

සුරාබදු නීති සහ බලපත්‍ර ගාස්තු සංශෝධනය කෙරේ – ඇමැති සියඹලාපිටිය

Next Post

කේම්බ්‍රීජ් විභාගයේ පරිගණක විද්‍යා විෂයෙන් ලොව හයවන ස්ථානය යෝෂීඩා විද්‍යාලයේ රියාඩුල්ට

editor ttvnews

editor ttvnews

Next Post
කේම්බ්‍රීජ් විභාගයේ පරිගණක විද්‍යා විෂයෙන් ලොව හයවන ස්ථානය යෝෂීඩා විද්‍යාලයේ රියාඩුල්ට

කේම්බ්‍රීජ් විභාගයේ පරිගණක විද්‍යා විෂයෙන් ලොව හයවන ස්ථානය යෝෂීඩා විද්‍යාලයේ රියාඩුල්ට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved