තමන් පොලිස් නිලධාරියෙකු බව පවසා පුද්ගලයෙකුගෙන් රුපියල් 386,000ක මුදලක් ලබාගෙන සාපරාධී විශ්වාසය කඩ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව වැලිකඩ පොලිසිය අද (06) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.
රාජගිරිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව වැලිකඩ පොලිසිය මෙම විමර්ශන ආරම්භ කර තිබේ. සැකකරු පොලිස් නිලධාරියෙකු ලෙස ව්‍යාජව පෙනී සිටිමින් මෙම මුදල් වංචාව සිදු කර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවත් පොලිසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසීය.
















