වැලිමඩ පොලිස් වසමේ, වැලිමඩ – බණ්ඩාරවෙල මාර්ගයේ මීරහවත්ත ප්‍රදේශයේදී ඊයේ (26) දින සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
වැලිමඩ දෙසට ධාවනය වූ ලොරි රථයක, මාර්ගය හරහා ගමන් කරමින් සිටි පදික කාන්තාවක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. අනතුරින් බරපතළ තුවාල ලැබූ කාන්තාව වහාම මීරහවත්ත රෝහලට ඇතුළත් කර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා වැලිමඩ රෝහලට මාරු කර යවා ඇති අතර, එහිදී ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මියගොස් තිබේ.
මියගිය කාන්තාව මීරහවත්ත ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි තැනැත්තියකි. අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, වැලිමඩ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.















