වැලිමඩ – මොනරාගල ප්රධාන මාර්ගයේ කුඹුක්කන කළු ගඟ පාලම අසලදී ටිපර් රථයක් සහ ට්රැක්ටර් රථයක් ගැටීමෙන් සිදු වූ දරුණු අනතුරකින් පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
වැලිමඩ දෙසට ධාවනය වූ ටිපර් රථයක් සහ ප්රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ට්රැක්ටර් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. අනතුර සිදුවන අවස්ථාවේ ට්රැක්ටර් රැමෝඩයේ පුද්ගලයින් 10 දෙනෙකු ගමන් කර ඇති අතර, ඉන් බරපතළ තුවාල ලැබූ 8 දෙනෙකු මොනරාගල දිස්ත්රික් මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පස් දෙනෙකු මියගොස් ඇත. මියගිය අය වයස අවුරුදු 21, 26, 31, 55 සහ 56 යන වයස්වල පසුවන දෙමටගස්කන්ද, බුත්තල සහ හොරබොක්ක යන ප්රදේශවල පදිංචිකරුවන් වන අතර, තුවාල ලැබූ සෙසු පුද්ගලයින් තිදෙනා රෝහලේ ප්රතිකාර ලබති. අනතුර සම්බන්ධයෙන් වාහන දෙකේම රියැදුරන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, මොනරාගල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.














