වැල්ලව පොලිස් වසමේ හදිරවලාන දුම්රිය හරස් මාර්ගයේදී යතුරුපැදියක් දුම්රියක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඊයේ (19) සවස සිදුවූ මෙම අනතුරට මුහුණ දී ඇත්තේ කොළඹ කොටුවේ සිට තලෛමන්නාරම දක්වා ධාවනය වූ දුම්රියක ගැටුණු යතුරුපැදියකි.
අනතුරින් මියගොස් ඇත්තේ වයස අවුරුදු 18ක සහ 26ක පසුවූ වැල්ලව ප්රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.
මියගිය පුද්ගලයන්ගේ මෘත ශරීර කුරුණෑගල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
















