වැල්ලවාය නගර මධ්‍යයේ පිහිටි ප්‍රමුඛ පෙළේ වෙළඳසැලක අද (17) පෙරවරුවේ හදිසි ගින්නක් හටගෙන ඇති බව අප ප්‍රදේශයේ ප්‍රවෘත්ති වාර්තාකරු තහවුරු කරයි. සිද්ධිය සැලවූ වහාම ප්‍රදේශවාසීන් සහ නගරයේ සිටි වෙළෙඳුන් දැඩි පරිශ්‍රමයක් දරා ගින්න තවත් පැතිර යාමට නොදී සම්පූර්ණයෙන්ම මැඩපැවැත්වීමට කටයුතු කර තිබේ.
මූලික විමර්ශනවලට අනුව මෙම අනපේක්ෂිත ගින්න හටගැනීමට හේතුව විදුලි කාන්දුවක් (Short Circuit) වන්නට ඇති බවට දැනට සැක කෙරේ. ගින්නෙන් වෙළඳසැලේ තිබූ භාණ්ඩ කිහිපයකට අලාභහානි සිදුව ඇති අතර, නගරවාසීන්ගේ ක්ෂණික සහ කඩිනම් මැදිහත්වීම හේතුවෙන් යාබදව පිහිටි අනෙකුත් වෙළඳසැල් වෙත ගින්න පැතිර යාම වැළකී ගොස් ඇත. සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.














