බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (21) රාත්‍රී කාලයේදී දෙමටගොඩ පොලිස් වසමේ සිදුකළ සුවිශේෂී වැටලීමකදී රුපියල් කෝටි ගණනක් වටිනා මහා පරිමාණ මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට සමත්ව තිබේ. රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කරනු ලැබූ සැකකරුවෙකුගෙන් අනාවරණය කරගත් අතිශය රහසිගත තොරතුරුවලට අනුව මෙම වැටලීම ක්‍රියාත්මක කර ඇත.
එහිදී දෙමටගොඩ ප්‍රදේශයේ පිහිටි නිවසක සඟවා තිබියදී සොයාගත්, ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉහළ වටිනාකමකින් යුත් අයිස් (ICE) මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 45 යි ග්‍රෑම් 876 ක් සහ කේරළ ගංජා කිලෝග්‍රෑම් 07 යි ග්‍රෑම් 325 ක දැවැන්ත තොගයක් පොලිස් භාරයට ගැනීමට නිලධාරීන් සමත්ව තිබේ. මෙම මහා පරිමාණ ජාවාරම පිටුපස සිටින සෙසු සංවිධානාත්මක අපරාධකරුවන් සහ බෙදාහරින්නන් කවුරුන්ද යන්න අනාවරණය කරගැනීම සඳහා බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය මඟින් මේ වන විට පුළුල් විමර්ශන කටයුතු අඛණ්ඩව සිදුකරනු ලබයි.














