වේයන්ගොඩ නගරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන වෙසක් කලාපය හේතුවෙන් අද (30) සහ හෙට (31) යන දිනවල එම නගරය ආශ්‍රිතව දැඩි රථවාහන තදබදයක් ඇතිවිය හැකි බව පොලිසිය පවසයි. තොරණ, පහන් කූඩු, භක්ති ගීත වැඩසටහන් සහ දන්සැල් නැරඹීම සඳහා විශාල පිරිසක් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බැවින්, අද සහ හෙට සවස 6.00 සිට අලුයම දක්වා කාලය තුළ කටුනායක – නිට්ටඹුව ප්‍රධාන මාර්ගයේ ගමන් ගන්නා රියැදුරන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස ඉල්ලා සිටී.
ඒ අනුව පොලිසිය විසින් යෝජනා කර ඇති විකල්ප මාර්ග පහත දැක්වේ:
මහනුවර සහ අවිස්සාවේල්ල දෙසින් කටුනායක දෙසට ගමන් ගන්නා වාහන පස්යාල හන්දියෙන් මීරිගම, දිවුලපිටිය සහ මිනුවන්ගොඩ හරහා කටුනායක දෙසට ගමන් කළ හැකිය.
කිරිඳිවැල සහ යක්කල දෙසින් වේයන්ගොඩ හරහා කටුනායක දෙසට ගමන් ගන්නා වාහන යක්කල, ගම්පහ, උඩුගම්පල සහ සීදුව හරහා කටුනායක දෙසට ගමන් කිරීම සුදුසු වේ.
කටුනායක දෙස සිට වේයන්ගොඩ හරහා අවිස්සාවේල්ල සහ මහනුවර දෙසට ගමන් ගන්නා වාහන මිනුවන්ගොඩ, දිවුලපිටිය සහ මීරිගම හරහා පස්යාල සහ වරකාපොල දෙසට ගමන් කළ හැකිය.
















