27 April 2024
#දේශීය

මෛත්‍රිපාල ජනාධිපති කාලේ කරපු ඒවා අමතකයි – මන්ත්‍රී ඩිලාන්

‍මෛත්‍රිපාල ජනාධිපතිවරයාගේ රජය සමයේ වී කිලෝවක් සඳහා ගොවීන්ට ලබා දුන්නේ රු. 36 ක මුදලක් බව එතුමාට අමතක වීම කණගාටුවට කරුණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රි ඩිලාන් පෙරේරා මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (12) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වමිනි.

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රි ඩිලාන් පෙරේරා මහතා අදහස් දක්වමින්, “ඊයේ පෙරේදා මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා කියනවා කෘෂිකර්මාන්තයට වෙලා තිබෙන ප්‍රශ්නය නිසා පොළොන්නරුවට යන්නත් බැරිවෙයි කියලා. එතුමාගේ ආණ්ඩුව කාලයේ දී වී මිල රුපියල් 36 ගොවියාටය දුන්නේ. ඒ රුපියල් 36 මිල ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව පැමිණිලා පැය 48 යන්න මත්තෙන් රුපියල් 50 ට ආණ්ඩුව මිලදි ගත්තා. ගමට යන්න බෑ කියලා කෑ ගහන මෛත්‍රිපාල උන්නෑහෙට මතක් කරන්න ඕන මේ ආණ්ඩුව හැදුවේ ගොවියාටයි. අපේ රටේ ප්‍රශ්නය වෙලා තිබෙන්නේ ආකල්පමය ප්‍රශ්නයයි. අපි මේ ආණ්ඩුවට කඩේ යන්නේ මේ ආණ්ඩුව කරන හැම වැඩේම හරි නිසා නොවේ. නමුත් කොරෝනා වසංගත තත්වයක් තුළ සංසන්දනාත්මක බලනකොට ගෝඨාභය රාජපක්ෂ මහත්මයා යම් ආකල්පමය වෙනසක් කරමින් වැඩ කරන්න උත්සහ කරනවා. හැබැයි තියෙන ප්‍රශ්නය තමයි එතුමා කරන දේවල් කියන්නේ නෑ. ලෝකයේ නායකයෝ වර්ග කිහිපයක් සිටිනවා. සමහර නායකයෝ කියන වගේම කරනවා. මහින්ද රාජපක්ෂ මැතිතුමා එසේ නායකයෙක්ය. සමහර අය කියනවා විතරයි කරන මඟුලක් නෑ. සජිත් ප්‍රේමදාස කියවනවා කියවනවා ජෝකර් කෙනෙක් වගේ කරන දෙයක් නෑ. ඊලඟට තව පිරිසක් සිටිනවා කිසි දෙයක් කරන අයට කරන්න දෙන්නේම නෑ. ඒ අනුර කුමාරලා වගේ පිරිසයි. නමුත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඔය කියන වර්ග 03 ම නැති කෙනෙක්. එතුමා වැඩ කරනවා කියන්නේ නෑ. ඒ නිසා මිත්‍රවරුනි මේ රටට අවශ්‍ය වන්නේ ආකල්පයම වෙනසක්ය. ඒ ආකල්පම වෙනස මෙවර අයවැයේදි බැසිල් රාජපක්ෂ මැතිතුමා ඇති කරගෙන යනවා. මෙවර අයවැය යෝජනාවට පෙර ගමේ කමිටුවලින් යෝජනා ගෙන අයවැයෙන් මුදල් වෙන් කරනවා. එසේම ලංකාවේ ප්‍රථමවතාවට පක්ෂ පාඨභේදයකින් තොරව ගිය පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය කරපු, ජනතාව පත්කරපු කෙනොට ආණ්ඩුව පක්ෂ භේදයකින් තොරව ගමේ සංවර්ධනය සඳහා මුදල් වෙන්කරනවා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ආකල්පමය වෙනසක් කරන්න විශාල මෙහෙයක් කරනවා කියන්නේ නැතිව. ”යැයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *