• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රටේ කෘෂිකර්මය කොතැනද? – ඇමැති මහින්ද

9 June 2018
in විදෙස්

අපේ පැණි දොඩම් වගාව දශක කිහිපයකට පෙර අතහැර දැමු අතර දැන් යුරෝපයෙන් කහ දොඩම් වාර්ෂිකව මෙ. ටො. 8000කට වඩා ගෙන්වන්නට රුපියල් මිලියන 1000ක් පමණ වැය කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා කියා සිටියේ පුත්තලම හලාවත , කුරුණැගල ප්‍රෙද්ශවල ඕනෑ තරම් කහ ඉගුරු වගා කරන්න පුලුවන් . නමුත් අද මොකද වෙලා තියෙන්නේ . වාර්ෂිකව අපේ රටට යුරෝපයෙන් කහ පාට දොඩම් මෙ. ටො. 8000කට වැඩිය ආනයනය කරනවා. අපේ රටේ මුදල් රු. මි. 1000ක් විතර ඊට වැය කරනවා. 2017 වසරේ මිදි මෙ. ටො. 9687ක් ආනයනය කර තිබෙනවා. ඒ සඳහා වැය කළ මුදල රු. මි. 2766ක්.

අපේ රටේ පුත්තලම ප්‍රදේශයේ පොල්වතු අතර කිසි අමතර වියදමක් නැතිව කහ සහ ඉගුරු වගා කරන්නට පුලුවන්. නමුත් කහ සහ ඉගුරු මෙරටට ආනයනය කරන්නට වසරකට රු. මි. 1300කට වඩා වැය කරනවා.

ඒ වගේම තමයි අපේ රටේ තල, කුරක්කන්, බඩඉරිගු උදු, කොල්ලු වගේ ධාන්‍ය ඉහළ මට්ටමකට වගා කළා. අද වන විට කුරක්කන් ගෙන්වන්නෙත් ඉන්දියාවෙන්. මම කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත් නිලධාරින්ගෙන් හා සුවිසල් දැනුමක් තියෙන නිලධාරින්ගෙන් අහන්නේ රටේ මෙහෙම දෙයක් වෙන කොට ඔබලා සිටියේ කොහේද ? කියලයි.

මම හිතනවා කෘෂිකර්මාන්තය පිළිබඳ තීන්දු තීරණ ගත යුත්තේ ශීත කාමරවල සිට නොවෙයි. ඒ සඳහා ක්ෂේත්‍ර යට යා යුතුයි. ගොවිබිම්වල, කුඹුරු හේන්වල වැඩ කරන ගොවින් එක්ක කතා බහ කළ යුතුයි. ඔවුන් ඉල්ලන දේ ලබා දී ඔවුන් වගාව සඳහා උනන්දු කළ යුතුයි.

අද අපිට වැරදී තියෙන්නේ කොතැනද? අපි සැලසුම් කරන දේ බලාත්කාරයෙන් ගොවීන් ලවා ක්‍රියාත්මක කිරීමට යාම නිසා අද ගොවීන්ට ගොවිතැන එපා වෙලා. මේ වනවිට අපේ රටේ කෘෂිකර්මාන්තය තුළ තරුණයින් නැහැ. ඉන්නේ ඔක්කොම හතලිහ පැනපු අය. මේ ගොවි පරම්පරාව අවසන් වෙච්ච දවසට මේ රටේ ජනතාවට සිද්ධ වෙන්නේ සදහටම පිටරට දිහා බලාගෙන හූල්ල හූල්ල ඉන්න.

ඒ නිසා අපිට අවශ්‍ය දේ අපේ රටේම නිපදවා ගත යුතු වෙනවා. මේ කාලයේ හොඳට වහිනවා. ඒ නිසා ගොඩක් අය හිතනවා දැන් සියල්ලම හරියි කියළා. එහෙම නැහැ. දැනට තිබෙන කාලගුණික පුරෝකතන අනුව ඉදිරියේ ලොකු නියගයක් එනවා. ආහාර හිගයක් ඇති වෙන්න පුලුවන්. ඒ නිසා අපි දැන් ඉඳලම වගා කරන්න ඕනෑ. අපිට ඕනෑ දේවල් අපිම වගා කර ගත්තේ නැත්නම් විශාල ආහාර හිගයක දී විදේශ රටවලින් වත් ආහාර ගෙන්වන්න ලැබෙන්නේ නැහැ.

අනික තමයි අපි හොඳට වගා කරපු ජාතියක්. අපේ පුරාණ මුතුන් මිත්තෝ කෑවේ අපිම වවලා තමයි. එනිසා තමයි මම මෙම ආහාර නිපදවීමේ කඩිනම් වැඩ පිළිවෙල අපි වවලයි- අපි කන්නේ යනුවෙන් නම් කළේ.

අද අපේ රටේ වගා කරන බෝගවලින් සියයට 60ක්ම විනාශ වෙනවා. සියයට 40ක් පමණ තමයි පාරිභෝජනය කරන්නට ලැබෙන්නේ. අපි දන්නවා පසු අස්වනු නාස්තිය නියගය වගේ හේතු නිසා පසුගිය වසර කිහිපය තුළ අස්වනුවලින් සියයට 30ක් පමණ විනාශ වුනා. ඒ වගේම අපේ සමහර සතුන්ගෙන් ආහාර බෝගවලින් සියයට 30ක් පමණ විනාශ වෙනවා. මෙම ආහාර හා බෝග සුරක්ෂිත කර ගැනීමට අපි වැඩ සටහනක් ආරම්භ කළ යුතුයි. ආහාර කල් තබා ගැනීමේ ක්‍රම වශයෙන් නව ශීතාගාර පද්ධතියක් ස්ථාපිත කිරීමට මම තීරණය කළා.

ඒ වගේම සතුන්ගෙන් සිදුවන බෝග හානිය වළක්වා ගැනීමට දිගුකාලීන වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව මම හිතනවා.

ලෝකයේ හොඳම පොස්පේට් නිදිය තියෙන්නේ අපේ රටේ. නමුත් අපි විදේශ රටවලින් පොහොර ආනයනය කරන්නට රු. මි. 47,000ක් වාර්ෂිකව වැය කරනවා. පොහොර සහනාධාරය වශයෙන් තවත් රුපියල් මිලියන 33,000ක් වැය කරනවා. එප්පාවල පොස්පේට් නිධිය මගින් පොහොර සැකසීම ආරම්භ කළහොත් වාර්ෂිකව රු. මි. 7000ක මුදලක් අපිට අපේ රටේ ඉතිරි කර ගත හැකියි.

පොස්පේට් නිධිය උපයෝගී කර ගනිමින් සිංගල් පොස්පේට් පොහොර නිපදවීමට රුපියල් මිලියන 900ක් කළින් ආණ්ඩු කරපු අය ලබා දුන්නා නම් මේ වනවිට අපිට අපිට අවශ්‍ය පොහොර අපේ රටේම නිපදවා ගන්න තිබුනා. නමුත් වත්මන් රජය යටතේ ගරු ජනාධිපතිතුමාගේ පුර්ණ ආශ්ර්වාදය මත අපි ඉතාමත් කෙටිකළකින් එප්පාවල පොස්පේට් පොහොර නිපදවීමේ වැඩ කටයුතු අරඹනවා. යැයිද අමාත්‍යවරයා කීය.

Post Views: 8
Previous Post

දෙයක් වෙන්න කලින් පිලියම් යොදන්න ඕන

Next Post

අනුරගේ 20 ට රටට හොඳ නැති බව විමල් කියයි

editor

editor

Next Post

අනුරගේ 20 ට රටට හොඳ නැති බව විමල් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved