• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

යහපාලනය හදපු ස්වාධීන කොමිෂන් සභාවල කොහෙද ස්වාධීනත්වයක් තිබ්බේ ? – ඇමති ජොන්ස්ටන් ප්‍රශ්ණ කරයි

6 September 2020
in දේශීය

19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ඇති කරපු ස්වාධින කොමිෂන් සභාවල ස්වාධිනත්වයක් නොමැති බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (06) ගල්ගමුව මී ඔය විහාරස්ථානයේ චෛත්‍යයට මුල් ගල තැබීමේ පූජෝත්සවයයට එක්වෙමින්.

එහිදී අදහස් දැක් වු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා “19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අපි වෙනස්කරගෙන යනවා. සමහරු කියනවා රාජපක්ෂ පවුලේ බැසිල් රාජපක්ෂ මහත්තයාව ගේන්න තමයි මේ ව්‍යවස්ථා සංශෝධනය ගේන්නේ කියලා. එහෙම එකක් නෙවෙයි. මේ ව්‍යවස්ථාව සංශෝධනය විය යුතුයි කියලා ජනතාව විශ්වාස කරා.
අපි දැක්කා සිරිසේන ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරලා කිව්වා මේ රටේ ස්වාධීන කොමිෂන් සභා ගේනවා කියලා, ස්වාධීන රාජ්‍ය සේවයක් ලබා දුන්නා කියලා. අපි දැක්කේ නෑ එහෙම ස්වාධීනත්වයක් තියෙනවා කියලා. ඔවුන්ට අවශ්‍ය කරන රාජ්‍ය නිළධාරීන් හිරේ දැම්මා, රාජ්‍ය නිළධාරීන් වැඩ කරන්න බය වුණා. ඒ ස්වාධීන කොමිසමක හිටියේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ නෝනාගේ හොදම යාළුවා දිල්රුක්ෂි ඩයස්. දිල්රුක්ෂි ඩයස් ප්‍රකාශ කෙරුවා එතුමිය කොහමද නඩු පැවරුවේ, පරීක්ෂණ කෙරුවේ කොහමද කියලා.
ඒ වගේ තමයි පොලිස් කොමිසම FCID එකේ DIG මහත්තයා ප්‍රකාශයක් කරා ඔහු වැඩ කෙරුවේ කොහොමද කියලා. එතන ස්වාධිනත්වයක් තිබුණද නැද්ද කියලා. කොච්චර බලපෑම් වලට යට උනාද කියන එක ඔහු කිවුවා. ඊළගට ස්වාධින පොලිස් කොමිසම ගත්තහම 300-400ක් මැරුණා පාස්කු ප්‍රහාරයෙන්. ඒකෙන් හිටපු පොලිස්පතිතුමාව රිමාන්ඩ් බාරයට පත්වුණා. නීතිය ඔවුන් ක්‍රියාත්මක කෙරුවේ නෑ කියලා. අද පොලිස්පතිතුමා අස් කරන්න බෑ. පොලිස්පති හිරේ ගියත් වෙන පොලිස්පති කෙනෙක්ව පත් කරන්න බෑ. මේ ඔක්කොම අවුල් සහගත තත්වයට පත් වෙලා.
ඊළගට මැතිවරණ කොමිසම ගත්තහම ඒකේ ස්වාධිනත්වයක් අපි දැක්කේ නෑ. අර හූල් කියන එල්.ටී.ටී.ය නියෝජනය කරන කෙනෙක් හිටියේ. ඔහු කිව්වා පොහොට්ටුවට ඡන්දේ දෙන්න එපා කියලා. ඒකෙ ස්වාධීනත්වයක් තිබුණද මැතිවරණ කොමිසමේ. මැතිවරණ කොමිසමේ සාමාජිකයෙක් එහෙම කියනවද. ඡන්ද කල් තියන්න කරන්න පුළුවන් හැමදේම කෙරුවා. අන්තිමට හූල් එයාගේ දුවව මැතිවරණ කොමිසට එක්කගෙන ගියා. ඔහු මොකක්ද කරන්න හැදුවේ මුළු මැතිවරණ කොමිසමම නිරෝධායනය කරන්න. ඔවුන් හැදුවේ කොහොම හරි ඡන්දේ කල් දාන්න.
මමනම් දකින්නේ නෑ 19 වෙනි සංශෝධනයයේ ස්වාධීනත්වයක්. ජනතාව අපිට තුනෙන් දෙකක් බලයක් දුන්නෙ මේ ව්‍යවස්ථාවල විකෘති 19 වැනි සංශෝධනය වෙනස් කරන්න.

 

දිලිනි සමන්මලි

 

 

Post Views: 6
Previous Post

මම මහපොලොවෙන් ආපු මිනිහෙක් – රාජ්‍ය ඇමැති ප්‍රසන්න කියයි

Next Post

කොළඹ පවතින රථවාහන තදබදයට විසදුම් ලබා දීමට කටයුතු කරනවා – රාජ්‍ය ඇමැති ලාන්සා

editor

editor

Next Post

කොළඹ පවතින රථවාහන තදබදයට විසදුම් ලබා දීමට කටයුතු කරනවා - රාජ්‍ය ඇමැති ලාන්සා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved