“දිට්වා” සුළි කුණාටු (Cyclone Ditwah) තත්ත්වය හේතුවෙන් ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ සහ මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ දැඩි නායයෑමේ අවදානමට ලක්වූ ප්‍රාදේශීය රෝහල්වල වත්මන් ක්‍රියාකාරීත්වය, ප්‍රගතිය සහ ඉදිරි ප්‍රතිස්ථාපන කටයුතු පිළිබඳව සොයා බැලීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක් පසුගියදා සාර්ථකව පැවැත්විණි. මෙම නිරීක්ෂණ මෙහෙයුම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිත වෛද්‍ය රාජේෂ් සම්භාජිරාඕ පාණ්ඩව් (Dr. Rajesh Sambhajirao Pandav) මහතා ප්‍රමුඛ උසස් නියෝජිත කණ්ඩායමකගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.
ඒ අනුව, බදුල්ල දිස්ත්‍රික්කයේ වතු ආශ්‍රිත ජනතාවට සහ දුෂ්කර ගම්මාන රැසකට මූලික, බාහිර මෙන්ම නේවාසික ප්‍රතිකාර සේවා සැපයූ, නායයෑමේ අවදානම හේතුවෙන් දැනට සීමිතව පවත්වාගෙන යනු ලබන ස්ප්‍රිංවැලි (Spring Valley) සහ සිල්මියාපුර ප්‍රාදේශීය රෝහල් මෙහිදී විශේෂ නිරීක්ෂණයට ලක්විය. ඊට අමතරව නුවරඑළිය දිස්ත්‍රික්කයේ ලිඳුල සහ උතුරු මැදකුඹුර යන ප්‍රාදේශීය රෝහල් ද, බදුල්ල දිස්ත්‍රික්කයේ තණමල්විල ප්‍රාදේශීය රෝහල, ඇල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සහ නුවරඑළිය දික්ඔය දිස්ත්‍රික් මූලික රෝහල යන සෞඛ්‍ය ආයතනවල වත්මන් ප්‍රගතිය ද මෙහිදී විධිමත් සමාලෝචනයකට ලක් කෙරුණා.














