• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජීවිත දෙවියන්ට බාර දෙන්නට ආණ්ඩුවක් මොකටද – විපක්ෂනායක

12 August 2021
in දේශීය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

කොරෝනා මරණ සංඛ්‍යාව 5400 ඉක්මවමින් බිහිසුණු ඛේදවාචකයක් බවට පත්ව ඇති අවස්ථාවකදී ආණ්ඩුවේ වගකිවයුතු ඇමතිවරයෙක් ප්‍රකාශ කොට ඇත්තේ ඉදිරිය ” දෙවියන්ට බාර දිය යුතු කිමට ආණ්ඩුවක් සිටින්නේ කුමකටදැයි විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂනායකවරයා විසින් මාධ්‍ය වෙත නිකුත් කල නිවේදනය පහත පරිදි වේ.

 

කොරෝනා මරණ සංඛ්‍යාව 5400 ඉක්මවමින් බිහිසුණු ඛේදවාචකයක් වෙත අපේ රට පත්ව ඇති බව කණගාටුවෙන් උවත් පිළිගත යුත්තකි.සත්‍ය දත්ත මීට වඩා භයානක අගයක් ගන්නවා විය හැකි අතර
තත්ත්වය මෙතරම්ම උග්‍ර අතට හැරෙන්නට දීමෙහි සම්පූර්ණ වරද ආණ්ඩුව බාරගත යුතු බව අපි අවධාරණය කරමු.
එහෙත් ආණ්ඩුවේ වගකිවයුතු ඇමතිවරයෙක් ප්‍රකාශ කොට ඇත්තේ ඉදිරිය ” දෙවියන්ට බාර දිය යුතු ” බවය.මෙතරම් අමනෝඥ ලෙසත්,මෙතරම් වගකීම් විරහිත ලෙසත් ආණ්ඩුව හැසිරෙන්නේ මරණ සහ ආසාදිතයින් හමුවීමේ ප්‍රතිශතය අතින් ලෝකයේ අංක එකට ශ්‍රී ලංකාව පත්ව තිබියදී ය .
සමස්ත රටේ ජනතාව කෙසේ වෙතත්, තමන්ට ඡන්දය ලබා දුන් 69 ලක්ෂයක් වූ ජනතාවගේ බුද්ධියට ද නිගා දෙන මට්ටමේ ප්‍රකාශ නිකුත් කිරීමට තරම් ආණ්ඩුව පිරිහී තිබීම කණගාටුදායක ය.
කොරෝනා ව්‍යසනය මෙරට ආක්‍රමණය කරන බව අප කල්තියා දැනුම් දී තිබියදීත් ඒ පිළිබඳ කිසිදු ආකාරයක මැදිහත්වීමක් නොකළ ආණ්ඩුව කොරෝනා ව්‍යසනය මෙරට ආක්‍රමණය කළ විටද හැසුරුණේ අතිශය උන්මත්තක,වගකීම් විරහිත විලාසයෙනි .
◼️මුල සිටම මේ කොරෝනා ව්‍යසනය තමන්ගේ දේශපාලන ව්‍යාපෘතියක් බවට පත් කර ගත්තේ ආණ්ඩුවය. තමන් විසින් කොරෝනා පරාජය කළ බවට පුරසාරම් දොඩමින් ආණ්ඩුව මැතිවරණ ප්‍රචාරක කටයුතු කළ ආකාරය ජනතාවට මතක තිබේ.

 

වහාම මෙරටට කොරොනා එන්නත කල් තියා ඇනවුම් කරන ලෙස පාර්ලිමේන්තුවේදීත් ඉන් පිටතදීත් අනේක වාරයක් අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටි අතර රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් විවිධ තානාපතිවරු හමු වූ සෑම අවස්ථාවකම අප ඉල්ලා සිටියේ මෙරටට අවශ්‍ය කරන එන්නත් ලබාදීම සඳහා අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙසය.
 

නමුත් මේ සියල්ල  උපහාසයෙන් යුතුව බැහැර කළ ආණ්ඩුව ඒ වෙනුවට ධම්මික පැණිය ප්‍රචලිත කළ අතර එය පාර්ලිමේන්තුවටම රැගෙන ආවේය .පාර්ලිමේන්තුවේ ඇතැම් ඇමතිවරුන්ම ඊනියා පැණි ප්‍රචාරක නියෝජිතයින් බවට පත්වූහ.ආණ්ඩුවේ ඇතැම් ඇමතිවරු ගංගා වලට මුට්ටි දැමීම ජනගත කළ අතර මිත්‍යාවේම ලැග ගෙන සිටියේය.

 

තත්ත්වය උග්‍ර වනවිටත් එන්නත් ආනයනය කිරීමට ආණ්ඩුව කටයුතු කරන විට ව්‍යසනය සමාජගතවී අවසන් ය. 
එන්නත්කරණයේ වැදගත්කම පිළිබඳව අප පාර්ලිමේන්තුවේ හඬ නැගූ සෑම විටම ඊට එරෙහිව අවලාද නැගූ මැති ඇමැතිවරුන් එහි බරපතලකම අවබෝධ කර ගත්තේ තමන්ටද කොරෝනා ආසාදනය වූ විට ය.

 

එන්නත් නියමිත වේලාවට ලබා ගැනීම, මුල්‍ය සම්පත් වෙන් කිරීම, මානව සම්පත් පුහුණු කිරීම, එන්නත් බෙදා හැරීම, සැලසුම් කිරීම සහ ප්‍රමුඛතාවය දිය යුත්තේ කාටද යන්න පිළිබඳව පැහැදිලි සැලැස්මක් අප විසින් නිරන්තරයෙන් ඉදිරිපත් කළ නමුත් ආණ්ඩුවට එවැනි සැලැස්මක්  තිබුණේ නැත.
ඒ පිළිබඳව තැකීමක් කළේ ද නැත.
කැනඩාව වැනි රටවල් එක් පුරවැසියෙකුට එන්නත් මාත්‍රා කිහිපයක් වෙන් කරගත් අතර අදත් එම රටවල එන්නත් අතිරික්තයක් තිබේ.නමුත් අපේ රටේ පළමු එන්නත හෝ නොලද පිරිස් තවමත් සිටී.

අප එදා සිට මේ දක්වා කල්තියා කියන ලද සියල්ල නිවැරදිවී ඇති අතර මේ මොහොතේ ආණ්ඩුව කළ යුත්තේ වහාම එන්නත් තුන්වෙනි මාත්‍රාව ඇණවුම් කිරීමය.

 

මේ වනවිටත් අපේ රටේ කොරෝනා ව්‍යසනයෙන් මියගිය 80%ට වැඩි ප්‍රතිශතය වයස 60 ඉක්මවූවන් ය.සෞඛ්‍යමය රෙගුලාසි ප්‍රකාරව එන්නත්කරණයේදී ප්‍රමුඛත්වය දියයුතුව තිබුණේ ඔවුන්ට ය.ආණ්ඩුව එය සාහසික ලෙස පැහැර හැරියේ වයස 60 ඉක්මවූ පිරිස්වල ජීවිත නොසලකා හරිමින් ය.
මුල සිටම ආණ්ඩුව  එන්නත්කරණයේදීත් ඊට බලපුලුවන්කාරකම සහ දේශපාලනය ගාවාගත් අතර එන්නත්කරණය සම්බන්ධයෙන් අදටත් ඉදිරිපත්වන වාර්තා ද පරස්පර ය.

 

කොරෝනා ව්‍යසනය පරාජය කළ සෑම රටක්ම පාහේ එය සිදුකළේ එන්නත්කරණය තුළින්ය.ඒ සෑම රටක්ම සෞඛ්‍ය පිළිබඳ විශේෂඥයන්ට මේ කටයුත්ත භාර දුන්නේය.නමුත් අපේ රටේ සිදු වුණේ එවැනි විශේෂඥයින් පසෙකට දමා හිතුමනාපයට තීන්දු තීරණ ගැනීමය.

 

වෛද්‍ය මලිත් පීරිස්, වෛද්‍ය ආනන්ද විජේවික්‍රම,වෛද්‍ය අනිල් ජාසිංහ,වෛද්‍ය රවී රනන්එලිය ඇතුළු විශේෂඥයින්ගේ උපදෙස් ඉවත දමා මේ මෙහෙයුමෙන් ඔවුන් පසෙකට කළ ආණ්ඩුව, අඩු තරමේ පාර්ලිමේන්තුව නියෝජනය කරන වෛරස් පිළිබඳව විශේෂඥයෙකු වන මහාචාර්ය තිස්ස විතාරණගේ උපදෙස් පවා පිළිගත්තේ නැත.

 

ජර්මන් චාන්සලර් මර්කල් මහත්මිය කියා සිටියේ තමන් හෝ කැබිනට් මණ්ඩලය සෞඛ්‍ය හෝ විද්‍යාව නොදන්නා බවත් කෝවිඩ් පාලනය කිරීමට වෛද්‍ය විශේෂඥයින්ට සහ වෛද්‍ය විද්‍යාඥයින්ට භාර දී ඇති බවත් ය.ඕස්ට්‍රේලියාවේ අගමැතිවරයා පවසා ඇත්තේ ද එවැන්නක්ය.ලෝකය එවැනි ආදර්ශ ලබා දෙද්දී අපේ රටේ තත්ත්වය සහමුලින් ම වෙනස් ය.
රටට කොරෝනා ආසාදනය වී තිබියදී ආණ්ඩුවට ආසාදනය වී ඇත්තේ බල උන්මාදය,පුහු මාන්නය,උද්දච්චකම සහ වගකීම් විරහිතකම නැමැති රෝගයන් ය. අවාසනාවට ඉන් වන්දි ගෙවන්නට සිදුව ඇත්තේ රටේ ජනතාවට ය .

 

සජිත් ප්‍රේමදාස

 

විපක්ෂ නායක

Post Views: 14
Previous Post

අනුරාධපුර විදුලි අලි වැට ගැන සාකච්ඡාවක් රාජ්‍ය ඇමැති දුමින්දගේ ප්‍රධානත්වයෙන්

Next Post

ඕනෑම අභියෝගයකට සුදානම් – ඇමැති ප්‍රසන්න

editor

editor

Next Post

ඕනෑම අභියෝගයකට සුදානම් - ඇමැති ප්‍රසන්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් අප්‍රේල් 01 දා සිට විශේෂ ආරක්ෂක සහ රථ වාහන වැඩපිළිවෙළක්

අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් අප්‍රේල් 01 දා සිට විශේෂ ආරක්ෂක සහ රථ වාහන වැඩපිළිවෙළක්

28 March 2026
යාපනයේදී වැලි ජාවාරම්කරුවන්ගේ ට්‍රැක්ටරයට යටවී පොලිස් සැරයන්වරයෙකු ජීවිතක්ෂයට

යාපනයේදී වැලි ජාවාරම්කරුවන්ගේ ට්‍රැක්ටරයට යටවී පොලිස් සැරයන්වරයෙකු ජීවිතක්ෂයට

28 March 2026
හෝමුස් සමුද්‍ර සන්ධිය වැසී ගියහොත් ලොව වැඩිම බලපෑමක් එල්ල වන රටවල් අතරට ශ්‍රී ලංකාවත් ඇතුළත් වෙයි

හෝමුස් සමුද්‍ර සන්ධිය වැසී ගියහොත් ලොව වැඩිම බලපෑමක් එල්ල වන රටවල් අතරට ශ්‍රී ලංකාවත් ඇතුළත් වෙයි

28 March 2026
අඩු පිරිවැය ඉරාන ඩ්‍රෝන ප්‍රහාර හමුවේ ඊශ්‍රායල ගුවන් ආරක්ෂක පද්ධති දැඩි අභියෝගයක

අඩු පිරිවැය ඉරාන ඩ්‍රෝන ප්‍රහාර හමුවේ ඊශ්‍රායල ගුවන් ආරක්ෂක පද්ධති දැඩි අභියෝගයක

28 March 2026

Recent News

2025 වසරේදී මෙරට සමස්ත ණය බර රුපියල් බිලියන 1,255කින් ඉහළට

2025 වසරේදී මෙරට සමස්ත ණය බර රුපියල් බිලියන 1,255කින් ඉහළට

28 March 2026
යේමනයෙන් ඊශ්‍රායලයට පළමු වරට මිසයිල ප්‍රහාරයක්

යේමනයෙන් ඊශ්‍රායලයට පළමු වරට මිසයිල ප්‍රහාරයක්

28 March 2026
නීතිවිරෝධී ලෙස ඩීසල් ලීටර් 1,235ක් ළඟ තබාගත් පුද්ගලයෙකු වරකාපොලදී කොටු වෙයි

නීතිවිරෝධී ලෙස ඩීසල් ලීටර් 1,235ක් ළඟ තබාගත් පුද්ගලයෙකු වරකාපොලදී කොටු වෙයි

28 March 2026
මහියංගනයේදී කැබ් රථයක් සහ ට්‍රැක්ටරයක් ගැටී දරුණු අනතුරක්

මහියංගනයේදී කැබ් රථයක් සහ ට්‍රැක්ටරයක් ගැටී දරුණු අනතුරක්

28 March 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අඩු පිරිවැය ඉරාන ඩ්‍රෝන ප්‍රහාර හමුවේ ඊශ්‍රායල ගුවන් ආරක්ෂක පද්ධති දැඩි අභියෝගයක

අඩු පිරිවැය ඉරාන ඩ්‍රෝන ප්‍රහාර හමුවේ ඊශ්‍රායල ගුවන් ආරක්ෂක පද්ධති දැඩි අභියෝගයක

28 March 2026
2025 වසරේදී මෙරට සමස්ත ණය බර රුපියල් බිලියන 1,255කින් ඉහළට

2025 වසරේදී මෙරට සමස්ත ණය බර රුපියල් බිලියන 1,255කින් ඉහළට

28 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved