• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home විශේෂාංග

වාරි පද්ධතිය ජොගින් පද්ධතියක් බවට පත්නොකර ආරක්ෂා කරගත යුත්තේ ඇයි

15 September 2021
in විශේෂාංග
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

අපේ වසර 2500කට වැඩි වූ ඉතිහාසය දෙස බැලීමෙදී අපේ ශීෂ්ඨාචාරය ලෝකයේ අනෙක් සියළුම ශීෂ්ඨාචර අතුරෙන් සැකයකින් තොරව, වෙන්කර පෙන්වා දීමට එක් අනන්‍යවු සංකේතයක් ඇත.

ඒ සුවිශේෂ වු, තනි සංකේතය වන්නේ අපේ අතීත පරපුර විසින් ගොඩනැගූ දැවන්ත වැව් හා ඒවා එකිනෙකට යා කළ සියුම් හා සංකීර්ණ වූ වාරිමාර්ග ජාලයයි.

මෙම සිවිල් ඉංජිනේරුමය ඉදි කිරිම් මගින් ලොවට අදත් ඉතිරි කර ඇති අපේ ජල කළමණාකරන සිද්ධාන්ත හා වාරි ඉංජිනේරු ශිල්ප ඥානය, ලොකයේ පැවති මානව ශිෂ්ඨාචාර අතුරෙන් මෙතෙක් සොයා ගෙන ඇති, ඒහා සම්බන්ධ ඉහළම දැනුම් සම්භාරය බව විද්වතුන් බොහෝ දෙනෙක් විසින් අවිවාදයෙන් පිළිගනු ලබයි. ඒ සඳහා පහත දැක්වෙන් උපුටා ගැනීම් කීපය පමණක් ප්‍රමාණවත් වේ’

බදුලු උප දිසාපතිව සිටි බේලි -1855

වැස්සෙන් උපන් අපේ ජල ශීෂ්ඨාචාරය . ‘ලෝකයේ මොනයම් හෝ පෙදෙසක් තුළ මේ තරම් අතිමහත් වූ වාරිමාර්ග නිර්මාණයන් රැසක නටඹුන් දැකගත නොහැකි බව විශ්වාසයයි.

“ඉංජිනේරු ශිල්පයේ එක් අංශයක් වන භූ මිනුම් ශිල්පය අතින්ද පැරණි සිංහල ජනතාව ඉතා ඉහල දැනුම් මට්ටමක සිටි බව විවාදකින් තොරව පිලිගත හැකිය. ඔවුන් සිය වාරි මාර්ග පද්ධතියේ බොහෝ නිර්මාණ කර ඇත්තේ ඇසින් බැලූවිට තැනිතලාවන් සේ පෙනෙන් බිම් පෙදෙස් මතය.

 

එසේ වුවත් මේ තැනිතලාවේ සැතපුම් ගණනක් පුරා දිව යන ඇළ මාර්ගවල ජලය බැස යාමට අවශ්‍යය වන ආනතිය පවත්වා ගැනීම පහසු කරුණක් නොවේ. ඒ සඳහා අතිශය සූක්‍ෂම නවින උපකරණවල හැකියාවම සහිත උපකරණවල සහය ඔවුනට එහිදී අවශ්‍යය වූ බව පැහැදිලිය. අද භාවිතා වන සෑම සියුම් උපකරණයකටම නොදෙවනි වන ඒවා යොදා ගනිමින් සමෝච්ච රේඛා ඔස්සේ සුදුසුම ස්ථාන තෝරා ගෙන වැව් බැමි ඉදිකිරිීම කර තිබේ.

 

R bohire ට අනුව සුවිශේෂ හැකියාව හා කිසිවෙකුට නොදෙවනි වන නිපුනත්වය විශිෂ්ඨය.”‘අප්මිර් ජාතිකයන් විසින් ඉස්පහන් හී ඉදිකළ කොරඩ් හෝ මයිසූර් හී හියිඩර් ජලාශය සුන්දරත්වයෙන් හෝ විශාලත්වයෙන් කිසි ආරකින් කලා වැව හෝ පදවිය වැව සමඟ සැසදිමට නොහැකිය. හැසකියාවල ඇළ මාර්ගවලටත් පර්සියාවේ ඇළ මාර්ගවලටත් පේරුවල උමං ඇළ මාර්ගවලටත් කිසිවිටක අඹන් ගඟේ ජලය මින්නේරිය වැවට හා පරාක්‍රම සමුද්‍රය වෙත ගෙන යාමට තැනවූ ඇළ මාර්ග සමග තරඟ කළ නොහැකිය. දැනට ඉතිරි වී ඇති මහා වැව්වල විශ්මිත නටඹුන් මේ රටේ අතීත ශ්‍රී විභූතිය ආඩම්බරයෙන් ලොවටම පෙන්වා දෙන සිහිවටන වෙයි.”

මේ දැනුම මෙරට භූගෝලී” දේශගුණික” කාලගුණික මෙන්ම පරිසර ස්වාභාවයන්ද නිවැරදිව අවබෝධ කර ගැනීම මත ගොඩනංවා ගත් දෙයකි. ඒනිසා අපේ වාරි තාක්‍ෂණය සෑම විටම පරිසරයට එරෙහි වූවක් නොව, පරිසර ස්වාභාවයන් හඳුනා ගෙන, ඒවා සුරැකෙන ලෙස, තම අවශ්‍යතාවන් සඳහා ඒ පරිසර තත්ව උපරිම ලෙෂ යොදා ගත් තාක්ෂණයක් බව පැහැදිවම පෙනෙයි. විශේෂයෙන්ම මේ වාරි පද්දතිය සැකසීමේදි පරිසරය වෙනස් කිරිමට වඩා කර ඇත්තේ, ඒ පරිසර පද්ධතිය ඉටු කාරන කාර්යය මනා ලෙස යොදා ගැනීම සඳහා, ඒ පරිසරය රැක ගැනීම බව පැහැදිලිව පෙනී යයි. ඊ්ට හේතුව වසර දහස් ගණනක් පුරා පැවති අපේ වාරිමාර්ග පද්ධතිය අදත් අපේ පරිසරයට කර ඇති ඍනාත්මක බලපෑම ඉතා අල්ප මට්ටමක තිබීමයිග මෙය බටහිර විද්‍යාත්මක නිර්නයන්ට අනුව පහදිමට ඇති හොඳම නිදසුනක් වන්නේ මෙරට කඳුකර යේ කිසිදූ වැවක් ඉදි නොකර තිබිමයි.

කෘෂිකර්මය පවත්වා ගෙන යාමය අවශ්‍යවන ජලය උපරිම වශයෙන් ලබා ගැනීම සඳහා, මෙරට වැස්ස උපරිමව ලබා දීමට අවශ්‍ය වෙයි. ඒවෙනුවෙන් කළ යුතු මුල්ම කාර්යය වන්නේ කඳුකර වනන්තරවලට කිසිම හානියක් නොකර ආරක්ෂා කර තබා ගැනීමයි. එමගින් මෝසම් වැසි උපරිම ආකාරයට පොළවට ඇද ගැනීමේ පාරිසරික ක්‍රියාවලිට හානි නොකිරීමට වගබලා ගෙන තිබේ. මේ කඳුකර වනන්තර නිසා ඇති අනෙක් පාරිසරික ප්‍රයෝජනයන් වන්නෙ පස සෝදා යාම වලක්වාලීම මගින් ඇදී එන රොන් මඩ ප්‍රමාණය අවම කිරිම, ලැබෙන ජලය උල්පත් තුළ රඳවා තබා ගෙන වසර පුරාම ජල ධාරවක් ගංඟාවලට මුදා හැරිම හා ඒවා තුළ වූ සුවිශේෂ ජෛවවිවිධක්ය රැක ගැනීමයි. මේ වනන්තර අපේ කෘෂිකර්මයේ පැවැත්ම වෙනුවෙන් ජාන සංචිතය රැක ගන්නා භාණ්ඩාගාරයද විය.

නිරිත දිග මෝසම් සමයේදී කඳුකරයට වැටෙන වැසි ජලය අවසානයේ මුහුදට ගලා යන්නේ වියලි කලාපය හරහා ගළා යන ප්‍රධාන ගංඟා කීපයක් මගින්ය. මහවැලි ගඟ, මල්වතු ඔය හා වළවේ ගඟ ඒ අතර මුලින් සිටියි. මේ වැසි ජලය වියලි කලාපය හරහා ගලා යන්නේ ඒ ප්‍රදේශයට වැසි රහිත වියලිකාලය තුළදී ය. ඒනිසා අපේ වාරි කර්මාන්තයේ මූලික ලක්ෂණයක් වුයේ එම ගංඟා හරහා අමුණු බැඳ, ඒ ජලය වියලි කලාපයේ ඇති වැව්වලට රැස් කර ගැනීමයි. මේ වෙනුවෙන් වියලි කලාපය පුරා කුඩා, මධ්‍යම සහා විශාල වැව් 30,000ක් පමණ එදා ඉදිකර තිබුණු බව පෙනි යයි. නිරිත දිග පෙදෙසට ලැබෙන වැසි ජලය වියලි කලාපයේ මහ කන්නය සඳහා ලබා ගෙන ඇත්තේ ඒ ආකාරයටය. මහ කන්නය අවසන්වන විට නිරිත දිග මෝසම් සමය අවසන්වි ඇති නිසා ඒ ගංඟාවලඳා ජල මට්ටම පහළ බැස යයි. නමුත් නොවැම්බර් මාසයේදී වියලි කලාපයට ඊසාන දිග මෝසම් සමය ඇරඹෙන අතර එය කෙටි කාලයක් පැවතුනත් ඉතා අධික ජල ප්‍රමාණයක් රැගෙන එන වැසි සමයකි. එම අධික ජල ප්‍රමාණය උපරිම ආකාරයෙන් රැස් කර ගැනීමට වියලි කලාපය පුරා ඇති අති ලොකු කුඩා වැව් ප්‍රමාණය සමත් වෙයි. ඒ ජලය යල කන්නයේ වගාව සඳහා ජල අවශ්‍යයතාවය සපුරාලයි.

 

මෙහිදී දැකිය හැකි විශේෂත්වය වන්නේ සෑම වැවක්ම ජලයෙන් පිරි ගිය විට, එහි පිටවානෙන් උතුරා යන ජලය තවත් ඇළ මාර්ගයක් දිගේ වෙනත් වැවක් කරා ගෙන යාමයි.

මේනිසා අපේ පුරාණ රජරට වාරිමාර්ග පද්දතිය දෙස බැලීමේදී පෙනී යන්නේ මහවැලි ගඟේ ජලය විවිධ තැන්වලදී අමුණු මගින් හරවා, වැව්වලට පුරවා ගත් පසු තවත් වැඩි ජලයක් ඇත්නම් අවසානයේදි නැවත මහවැලි ගඟටම යොමුකරන ආකාරයයි. අනෙක් අතරට අඹන් ගඟේ ජලය අමුණු මගින් හැරවිම මගින් දඹුළු ඔය හා මල්වතු ඔය හරහා වයඹ පිහිටි යෝධ වැව කරා ගෙනයාමට මේ අතිශය සංකීර්ණ වාරිමාර්ග ජාලය සමත් වී ඇත. මේනිසා නිරිත දිග මෝසමෙන් ලැබෙන ජලය මෙරට අර්ධ ගූෂ්ක ප්‍රදේශයක් වන මන්නාරම් ප්‍රදේශය කර ගෙන යාමට තරම් අපේ වාරි ශිල්පීන්ගේ දැනුම ඉහළ මට්ටමක තිබුණු බව පැහැදිලි වෙයි. එය අපේ මුතුන් මිත්තන්ගේ ජල කළමණාකරන හැකියාව ලොවටම පෙන්වා දෙන ඉහළම නිදසුනකි.

 

අපේ පැරණි වාරිමාර්ග තාක්‍ෂණය දෙස බැලීමේදී ඊට පදනම් වූ ජල කළමණාකරණ සිද්ධාන්තය ඉතා පැහැදිලිව පෙනී යයි. එය වෙන කිසිවක් නොව මහා පරාක්‍රම බාහු රජුගේ ප්‍රකාශයක් ලෙස ඉතිහාස ගත වි ඇති යන්නයි. වැස්ස ලෙස අහසින් ලැබෙන මිරිදිය ලෝකයේ අතිශය දුලබ සම්පතක් වුවත් එය අපට ඉතා විශාල වශයෙන් ලැබෙන ස්වාභාවිකව සම්පතකි. නමුත් ඒ ජලය අපට ප්‍රයෝජනයට ගතහැකි වන්නේ පොළව මතින් ගලා ගොස්, ආපසු මුහුදට එක් විමට පෙර කාලය තුළ දී පමණය. ඒනිසා ලැබෙන ජලයෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට නම්, අපේ ජල කළමණාකරන න්‍යාය.

අහසින් වැටෙන හැම දිය බිඳක්ම ප්‍රයෝජනයක් ගෙන මිස, මුහුදට ගලා යාමට ඉඩ නොදියඑය මුහුදට ගලා යාමට පෙර හැකිතාක් ගොඩබිම මතම රඳවා ගත යුතු වේ.

මිරිදියේ ඇති දුලබ බව මෙන්ම එහි වටිනාකමත් අපේ මුතුන් මිත්තන් විසින් විද්‍යාත්මකව අවබෝධ කරගෙන තිබූ අයුරු ලෝකයටම පෙන්වා දීමට ඊටත් වඩා හොඳ විද්‍යත්මක පැහැදිලි කිරිමක් ඇත්දවැසි ජලය හැකිතාක් ගොඩබිම රඳවා ගැනීමේ කාර්යය ඉටු කර දෙන්නේ ඇළ දොළ, ගංඟා,

වගරු බිම්, පිටාර බිම්, විල්ලු වැනි තෙත්බිම් මගින්ය. මේ ස්වභාවික තෙත්බිම්වලට අමතරව පසු කාලයේදි මෙරට ජනතාව විසින් වැව්, පොකුණු හා කුඹුරු වැනි තෙත්බිම්ද විශාල ප්‍රමාණයක් ඉදි කරනු ලැබීය තෙත්බිම් අර්ථ දැක්වීමට අනුව මිනිසා විසින් ගොඩනගන ලද වැව්, වාරිමාර්ග පද්ධති මෙන්ම කුඹුරුද අයත් වන්නේත් තෙත්බිම්වලටය. ලංකාවේ අභන්තර මිරිදිය තෙත් බිම් වලින් 95 %ක්ම මින්සුන් විසින් නිර්මාණය කළ ඒවා වන අතර ඉන් අති බහුතරය වැව් හා කුඹුරුය.

 

මේ තෙත්බිම්වල රඳවා ගන්නා ජලය අවශ්‍යය සෑම තැනකටම බෙදා දීමට ඔවුන් විසින් ගොඩනගන ලද ඒ සුවිශේෂ වාරිමාර්ග ජාලයට හැකි විය. ඒ ඇළ මාර්ග ජාලය මගින් ජලය ගමන් කිරිමේදී ජලය පොළවට උරා ගැනීම නිසා, විශාල වියලි බිම් ප්‍රදේශයක් තුළ භූගත ජල මට්ට ඉහළ නැංවිමටද හැකි විය. මේ ජල විද්‍යාත්මක හා පාරිසරික දැනුම එක් කිරිම මගින් වියලි බිමක් මත සාරවත් කෘෂිකාර්මික ශිෂ්ඨාචාරයක් ගොඩනැගීමට මෙන්ම, වියලි බිමක ඉහළ ජෛව විවිධත්වයක් පවත්වා ගෙන යාමටත් අපේ මුතුන් මිත්තන් සමත් වූහ. මේ සුවිශේෂ වූත් විශිෂ්ඨ වුත් දස්කම කිරිමට හේතුව මේ මෙරට ස්වාභාවික තත්වය මෙන්ම සොබාදහමේ ක්‍රියාවලිය ගැන ඔවුන් මැනවින් අවබෝධ කර ගෙන සිටීමයි.

 

අ f ප ් ක ෘ ෂ ි ක ා ර් මි ක ස භ ්‍ය ත ් ව ය ගොඩනැංවීමේදි ප්‍රමුඛ ශාකයේ වුයේ ගොයම් ගසයි. ගොයම් ගස අර්ධ ජලජ ශාකයකි. අපි බඩ ඉරිගු හෝ බජිරි වැනි වෙනත් ධ්‍යාන්‍ය වර්ගයක් ආහාරයට ගන්නා කෘෂිකාර්මික සමාජයක් නොවී, බත් කන ජාතියක් බවට පත් වුයේද ගොයම් වගා කිරීමට තරම් විශාල ජල ප්‍රමාණයක් ලබා ගැනීමට හා ඒ ජල ප්‍රමාණය රැස්කර තබා ගෙන ඉන් උපරිම ප්‍රයෝජන ගැනීමට දක්ෂ වීම නිසයි. ඒසඳහා මුල් වුනේ

සොබාදහම පිළිබඳ විද්‍යාත්මක දැනුම පදනම් කර ගත් නිවැරදි විද්‍යාත්ම ජල කරමණාකරනයයි.

ඒ අනව අපේ වාරිමාර්ග ඊංජිනේරු තාක්‍ෂණය සඳහා පදනම් වු ජල කළමණාකරන සිද්ධාන්ත වූයේ

 

1. ලැබෙන වැසි ප්‍රමාණය උපරිමව ලබා ගැනීම සඳහා කඳුකර වනාන්තර රැක ගැනීම.

2. ඒ වැසි ජලය වියලි කලාපය තුළ උපරිමව රඳවා ගැනීමට අති විශාල වැව් ප්‍රමාණයක් ඉදි කිරිම සහ එකිනෙක බැඳුනු ඇළ මාර්ග පද්ධතියක් මගින් ඒ ජලය සෑම වැවකටම බෙදා දීීම. එමගින් එකම ජලය කීප වරක් භාවිතා කිරිම.

3. මෙම වැව් හා ඇළ මර්ග පද්ධතිය මගින් වියලි කලාපයේ භූගත ජල මට්ටම ඉහළනැංවීම සිදුකර, එය සජීවී කෘෂිකාර්මික පරිසර පද්ධතියක් බවට පත් කිරිමයි. මේ ක්‍රමයේ තිබූ විද්‍යාත්මක බව නිසා අපේ මුතුන් මිත්තන්ට ස්වාභාවික වැස්ස අඩුවිම නිසා, අර්ධ ශූෂ්ක බවට පත්වූ මන්නාරම හා යාල වැනි ප්‍රදේශ පවා කෘෂීකාර්මික ප්‍රදේශ බවට පත් කිරිමට

හැකි වූහ. මේ බව අද වනවිට පුරන් වී ගෙස් ඇති යාල මහ වෙල්යාය හා ඒ ප්‍රදේශයේ ඇති අත්හැර දැමූ විශාල වැව් සංඛ්‍යාව සාක්ෂ දරනයි. එසේම මන්නාරමේ පිහිට යෝධ වැව ඊට ඇති අනෙක් සාක්ෂී යයි. එදා ලංකාව සහල් සවයං පෝශිත කිරිමට පමණක් නොව, පෙරදිග ධාන්‍යාගාරය ලෙස විරුදාවලී ලැබිමට හේතු වුණේ සොබාදහම ගැන වූ දැනුම මත පදනම්වුණු මේ සුවිශේෂ ජල කළමාණාකරනයයි.

මෙි සියලු ජල පාංශු පරිසර පද්ධති කළමණාකරණයන් පසේක තබා වැව ජොගින් ටෑක් ඉදිකිරීමට යොධා ගැනීමට වඩා මෙම වැවි වළ සුවිශේෂි අත්වය හදුනාන පුරාණ වාරි පද්ධතිය ලෝකයටම ප්‍රයේජනවත් අයුරුන් භාවිතා කිරීම ජනතාවට මෙන්ම මහපොළවටත් වඩා ප්‍රයේජනවත් හා ආර්ථික වශයෙන්ද වාසිදායක බව පෙනේ

 

මෙි සියලු ජල පාංශු පරිසර පද්ධති කළමණාකරණයන් පසේක තබා අද වන විට වැව ජොගින් ටෑක් ඉදිකිරීමට යොධා ගැනීමට වඩා මෙම වැවි වළ සුවිශේෂි අත්වය හදුනාන පුරාණ වාරි පද්ධතිය ලෝකයටම ප්‍රයේජනවත් අයුරුන් භාවිතා කිරීම ජනතාවට මෙන්ම මහපොළවටත් වඩා ප්‍රයේජනවත් හා ආර්ථික වශයෙන්ද වාසිදායක බව පෙනේ ලොකෙයේ බොහෝ ජාතින් තමන්ගේ උරුමයන් ආරක්ෂා කර එය ලොවට පෙන්වා ආර්ථික වාසි ලබති . එය ඔහුන්ගේ අනන්ය තාවයක් ලෙස ලොව ඉදිරියේ තබති . අප ලොව ඉදිරියේ තබා ඇති අනනයතාවය දින දින වනසති. ලංකාවෙි එල්ලාංගා පද්ධති ලෝක උරුමයක් බවට පත්ව ඇත. එය යුනෙස්කො ලොක් උරුම කාර්්‍යාලය මගින් ද විටක සනාථ කර ඇත. අප මෙි උරුමයන් මතින් ජොගින් ටෑක් ඉදිකර ඒ මත දිව යන්නේ කුමන දිසාවටද

 

 

රවින්ද්‍ර කාරියවසම්

 

 

Post Views: 8
Previous Post

කොළඹ මහා නගර සිමාවේ බදු ගෙවනන්නට දැනුම් දීමක්

Next Post

මන්නරාම වෙරළ තීරයේ තිබි කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට

editor

editor

Next Post

මන්නරාම වෙරළ තීරයේ තිබි කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් වෙඩි තැබීමක්  – 19 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට

කොට්ටාවේ දී වෙඩි වැදුණු පුද්ගලයා ජීවිතක්ෂයට

9 May 2025
නව පාප් වහන්සේ තේරීම කල් යයි – අදත් කලු දුමක්

නව පාප් වහන්සේ තේරීම කල් යයි – අදත් කලු දුමක්

8 May 2025
පුරපති පුටුවට පොහොට්ටුවේ සහය කාටද ?

පුරපති පුටුවට පොහොට්ටුවේ සහය කාටද ?

8 May 2025
පුරපති සටනේ ආණ්ඩුවේ සහය ව්‍රායි ට

පුරපති සටනේ ආණ්ඩුවේ සහය ව්‍රායි ට

8 May 2025

Recent News

අදත් වෙඩි තැබීමක්  – 19 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට

කොට්ටාවේ දී වෙඩි වැදුණු පුද්ගලයා ජීවිතක්ෂයට

9 May 2025
නව පාප් වහන්සේ තේරීම කල් යයි – අදත් කලු දුමක්

නව පාප් වහන්සේ තේරීම කල් යයි – අදත් කලු දුමක්

8 May 2025
පුරපති පුටුවට පොහොට්ටුවේ සහය කාටද ?

පුරපති පුටුවට පොහොට්ටුවේ සහය කාටද ?

8 May 2025
පුරපති සටනේ ආණ්ඩුවේ සහය ව්‍රායි ට

පුරපති සටනේ ආණ්ඩුවේ සහය ව්‍රායි ට

8 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් වෙඩි තැබීමක්  – 19 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට

කොට්ටාවේ දී වෙඩි වැදුණු පුද්ගලයා ජීවිතක්ෂයට

9 May 2025
නව පාප් වහන්සේ තේරීම කල් යයි – අදත් කලු දුමක්

නව පාප් වහන්සේ තේරීම කල් යයි – අදත් කලු දුමක්

8 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved