27 April 2024
#දේශීය

වික්‍රමසිංහ- පොහොට්ටු හොර ජුන්ටාව පන්නන්න ජනවාරියේ පාරට බහිනවා – මන්ත්‍රී මරික්කාර්

ජනතාව පීඩාවට පත් කරන වික්‍රමසිංහ පොහොට්ටු හොර ජුන්ටාවේ වැඩපිළිවෙලට විරුද්ධව ජනවාරි මාසයේ දී ජනතාව සමඟ පාරට බහින බවත් ආණ්ඩුවට විරුද්ධව ජනතාව පෙළගස්වන්න සමගි ජනබලවේගයට යුතුකමක් තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද (06) දින කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට සහභාගි වෙමිනි.

එහිදී අදහස් පල කල පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා මෙසේ “ එක්සත් ජාතික පක්ෂයේ කළමනාකරණ කමිටුවේ සිටින පුත්තලම් බූරුවෝ ටික මොනවා කිව්වත් ඉස්සලාම එන්නේ පාර්ලිමේන්තු මැතිවරණයක්. වර්තමාන පාර්ලිමේන්තුවට ඉදිරි ගමනක් නෑ. ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට කෝප් කමිටුව විසුරුවා හරින්න පුලුවන්. නමුත් රජයේ ආයතනවල සිදුවන දූෂණ වංචා සදාකාලිකව නවතා දමන්න බෑ. තට්ටු මාරු ක්‍රමයෙන් බැහැරවෙලා ඉදිරියේදී බලයට එන්නේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ආර්ථික ක්‍රමයක් විශ්වාස කරන පක්ෂයක් තමයි ඉදිරියේදි බලයට එන්නේ. ඉස්සරහට එන්නේ ප්‍රේමදාස ආණ්ඩුවක්. ‍ප්‍රේමදාස ආණ්ඩු පතෝල ආණ්ඩු නෙවෙයි. ප්‍රේමදාස අණ්ඩුවෙන් රටේ ආර්ථික ප්‍රශ්නයට විසඳුම් ලබාදීම සහ ආර්ථික වශයෙන් රට බංකොලොත් කළ හොර නඩය හිරේ යැවීමට කටයුතු කරනවා “ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *