මහා භාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂවරයකු ලෙස සේවය කළ රංග නිශාන්ත රාජපක්ෂ මහතාගේ මරණය සම්බන්ධයෙන් තමාට කිසිදු සැකයක් නොමැති බව ඔහුගේ බිරිඳ කුලියාපිටිය පොලීසියට පැමිණිලි කර තිබේ. උදය ගම්මන්පිල මහතා ඇතුළු විවිධ පුද්ගලයන් සහ මාධ්‍ය මඟින් මෙම මරණය පිළිබඳව විවිධ අදහස් ප්‍රකාශ කිරීම හේතුවෙන් තමාට සහ දරුවන්ට දැඩි මානසික පීඩනයක් එල්ල වී ඇති බවත්, ඒ නිසා තම පවුලේ පෞද්ගලිකත්වය සහ සැනසිල්ල අහිමි වී ඇති බවත් ඇය සිය පැමිණිල්ලෙන් අවධාරණය කර ඇත. දේශපාලන හෝ මාධ්‍ය වාසි තකා සිදුකරන මෙවැනි ප්‍රකාශ නතර කරන ලෙස ඉල්ලා සිටින ඇය, පවතින තත්ත්වය මත තම දරු පවුල දැඩි අසීරුතාවයට පත්ව ඇති බව ද දන්වා සිටියි.















