විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 90 දක්වා ඉහළ දැමුවහොත් තමන් යළිත් නඩු ඇසීමට සූදානම් බව හිටපු විනිසුරුවරයෙකු සහ උතුරු පළාත් හිටපු මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් මහතා පවසයි.
මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම සඳහන් කළේ විනිසුරුවරුන්ට ස්ථාවරත්වයක් පවතින බැවින් ඔවුන් රජයට වාසිදායක ලෙස තීන්දු ලබා දෙනු ඇතැයි සිතීම වැරදි බවයි. විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමෙන් ඔවුන්ගේ අත්දැකීම් රටේ නීති පද්ධතියට ලබාගත හැකි බවත්, එය අගවිනිසුරුවරයාට පමණක් නොව සියලුම විනිසුරුවරුන්ට පොදුවේ බලපාන්නේ නම් වඩාත් යෝග්‍ය බවත් ඔහු පෙන්වා දුන්නේය. තවද, ජනමත විචාරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් අවසන් තීරණය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ගත යුතු බවද විග්නේෂ්වරන් මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
















