රුසියාවේ විශාලතම අන්තර්ජාල අලෙවි සමාගම වන Wildberries, තම ගබඩා සංකීර්ණ වෙත එල්ල වූ යුක්‍රේන ඩ්‍රෝන ප්‍රහාරවලින් මියගිය සහ තුවාල ලැබූ පිරිස් සඳහා රූබල් මිලියන 40ක (ඇමෙරිකානු ඩොලර් 508,000කට වැඩි) වන්දි මුදලක් ගෙවා ඇති බව පවසයි.
ජූලි 18 වනදා සිට ක්‍රියාත්මක වූ මෙම ඩ්‍රෝන ප්‍රහාර මඟින් එම සමාගමේ සමස්ත ගබඩා ධාරිතාවෙන් 10%කට වඩා වැඩි ප්‍රමාණයකට හානි සිදුව ඇති අතර ප්‍රහාරවලින් සේවකයින් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත් විය. විපතට පත් වූවන්ගේ පවුල් සඳහා සහ බරපතල තුවාල ලැබූවන් වෙනුවෙන් ජූලි 21 වනදා සිටම මුල් අදියරේ වන්දි මුදල් පිරිනැමීමට සමාගම කටයුතු කර තිබේ.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්














