27 April 2024
#දේශීය

ඇතුලේ ගැටළු නිසා පළාත් පාලන මැතිවරණ කල් යයිද?

පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා කැදවීමේ ගැසෙට්ටුව නිකුත් කළ තිබුණ ද මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගෙන නොමැති බව රජයේ ඉහළ ආරංචි මාර්ග පවසයි.

එනම් කෙසේ වෙතත් මේ වන විට මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ අභ්‍යන්තර බෙදීමක් ඇතිව තිබෙන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

මැතිවරණය පැවැත්විය යුතු බවට කොමිෂන් සභාවේ කොටසක් එකඟතාවය පල කල ද තවත් පිරිසක් පවසා සිටින්නේ මුදල් නොමැතිකම නිසා මැතිවරණය නොපවැත්විය යුතු බවයි.

මැතිවරණ කොමිසම තුළ පැහැදිලිව කණ්ඩායම් දෙකක් පැවැතීම තුළ නාම යෝජනා කැදවූවත් මැතිවරණය පැවැත්වීමේ ගැටළු රාශියක් මතුවිය හැකි බව මැතිවරණ නිරික්ෂණ සංවිධානවල අදහසවේ.

මැතිවරණය පැවැත්වීම වෙනුවෙන් බිලියන 12 ට වැඩි මුදලක් අවශ්‍ය වුවත් අය වැයෙන් මුදල් වෙන් කර ඇත්තේ බිලියන 10 ක් නිසා සම්පූර්ණ මුදල නොගෙන මැතිවරණ වියදම් කළමනාකරණය කළ නොහැකි බව බහුතරයකගේ අදහස වී තිබේ.

එහෙත් සභාපති හා ඔහු සමඟ සිටින සුළුතර කණ්ඩායම මැතිවරණය පවත්වද්දී අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන මුදල් අමාත්‍යාංශය මගින් නිකුත් කරනු ඇතැයි යන අන්ධ විශ්වාසයෙන් සිටින බව මැතිවරණ කොමිසමේ ජ්‍යෙෂ්ඨයෙකු සඳහන් කළේය.

නාමයෝජනා කැදවීමේ ගැසට් නිවේදනය ඊයේ (03) පළ කරන බවට මුලින් ප්‍රචාරය වූ අතර දැන් එය අද (04) නිකුත් කරනු ලැබීය . නාම යෝජනා කැදවීමේ ගැසට් නිවේදනය පළ කලත් පවතින අභ්‍යන්තර බෙදීම හේතු කොට ගෙන මැතිවරණ රාජකාරීන් හි ගැටළු මතු වනු ඇතැයි මැතිවරණ කාර්යාල නිලධාරීන්ගේ අදහසවේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *