27 April 2024
#දේශීය

මහමැතිවරණය අදාළ පෙත්සම විභාගයට ගන්නවාද ? නැද්ද ? තිරණය හෙට

මහමැතිවරණය පැවැත්වීම සඳහා ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවාහරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය අභියෝගයට ලක්කරමින් ඉදිරිපත් වූ පෙත්සම් විභාගයට ගන්නේද? නැද්ද? තීන්දුව හෙට (2) දිනයේදී ප්‍රකාශයට පත්කරන බව ශ්‍රේෂ්ඨාධිකරණයට අද දැනුම් දී තිබේ.

අදාළ පෙත්සම් අද දින 10 වන දිනටත් සලකා බැලුණු අවස්ථාවේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා මේ බව ප්‍රකාශයට පත් කළේය.

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ ජුනි මස 20 වන දා මහ මැතිවරණය පැවැත්වීම සඳහා නිකුත් කර තිබෙන ගැසට් නිවේදන බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම අද 10 වන දිනටත් සිදුකෙරුණි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *