• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

‘දැන් හොඳටම ඇති ගෙදර යන්න’- විමල් ආණ්ඩුවට කියයි

18 August 2018
in දේශීය

මේ පරගැති හිඟන ආණ්ඩුවට මේ විදිහට යන්න දීලා නිහඬව බලා සිටීමට මේ රටට ආදරය කරන කිසිවකුටත් බැරි බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් විරවංශ මහතා පවසයි. මාධ්‍ය හමුවක් අමතමින් විරවංශ මහතා පවසා සිටියේ අපට නාමමාත‍්‍රික විපක්ෂ භූමිකාවක් රඟදක්වමින් සිටින්නට බැරි බවයි.

ඒ නිසා තමයි ඒකාබද්ධ විපක්ෂය සමග ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ නායකත්වය සැප්තැම්බර් 05 වැනිදා දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බවත් එදා ගාලූමුවදොර පිටිය ලක්ෂ සංඛ්‍යාත සෙනගකින් පිරුණාටත් වඩා වැඩි ජන සන්නිපාතයකින් සැප්තැම්බර් 05 වැනිදා කොළඹ පාරවල් පිරෙන බව හෙතෙම කියා සිටියේය.

එහිදී මන්ත්‍රීවරයා මෙසේ අදහස් කල සිටියේය“ මේ රටේ බොහෝ තැන්වල ‘පොහොට්ටුවත්’ මහරගමදී ‘බයිසිකලයත්’ ආදී වශයෙන් වන මහින්ද ලකුණ විශිෂ්ට ලෙස දිනවලා පෙබරවාරි 10 වැනිදා මේ රටේ ජනතාව දුන්නු පණිවිඩය, මේ ආණ්ඩුව තේරුම්ගත්තු ආකාරයක් පෙනෙන්නේ නැහැ. ඒ ප‍්‍රතිඵලයෙන් පස්සේ මේ ආණ්ඩුවේ රටට හතුරු මෙහෙයුම නතර වෙනවා වෙනුවට එය තවත් වේගවත් වෙලා තිබෙනවා. ප‍්‍රජාතන්ත‍්‍රවාදය වළලමින් පළාත් සභා මැතිවරණ අනන්තය තෙක් කල් දමමින් තිබෙනවා. ජනතාව මත ඉසිලිය නොහැකි බදු බරක් පටවා තිබෙනවා. ස්වදේශික ජනතාව මත බදු පිට බදු පටවන ගමන් විදේශිකයන්ට බදු සහන දෙමින් තිබෙනවා. සිංගප්පූරුව සමග අත්සන් කළ වෙළඳ ගිවිසුමින් ශ‍්‍රී ලංකාව තුළට න්‍යෂ්ටික අපද්‍රව්‍ය රැුගෙන ඒමට බදු සහන ලබා දී තිබෙනවා. තමන්ගේ රටට න්‍යෂ්ටික අපද්‍රව්‍ය රැුගෙන එන්න බදු සහන දීපු ලෝකයේ එකම රට බවට දැන් ශ‍්‍රී ලංකාව පත් වෙලා ඉවරයි.“ යැයි මන්ත්‍රීවරයා කියා සිටියේය.

මේ මාධ්‍ය හමුව අමතා ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායමේ නායක දිනේෂ් ගුණවර්ධන, ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස්, හිටපු අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත, ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ මන්ත‍්‍රී කණ්ඩායම වෙනුවෙන් නාමල් රාජපක්ෂ යන මහත්වරු ද අදහස් දැක්වූහ.

 

 

Post Views: 3
Previous Post

රජයේ රස්සාවල් දෙන එක පාපයක් – ඇමැති මංගල කියයි

Next Post

සිංගප්පූරු ගිවිසුම හරහා ලංකාවට විකිරණ ගේන්න කිසිසේත්ම විදිහක් නෑ – ඇමැති චම්පික

editor

editor

Next Post

සිංගප්පූරු ගිවිසුම හරහා ලංකාවට විකිරණ ගේන්න කිසිසේත්ම විදිහක් නෑ - ඇමැති චම්පික

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved