වික්‍රමාරච්චි විද්‍යා හා තාක්ෂණ ආයතනය (WIST) විසින් ශ්‍රී ලංකාවේ ජර්මානු කර්මාන්ත හා වාණිජ නියෝජිත කාර්යාලය (AHK Sri Lanka) සහ GIZ ආයතනය සමඟ එක්ව, දෘෂ්ටි තාක්ෂණ ශිල්පී (Optical Technician) පාඨමාලාව සාර්ථක ලෙස අවසන් කළ ශ්‍රවණ හා කථන ආබාධ සහිත සිසු සිසුවියන් 40 කට අධික පිරිසක් සඳහා සහතිකපත් ප්රදානය කර තිබෙනවා.
දෙල්කඳ පිහිටි WIST පරිශ්‍රයේදී මෙම උත්සවය පැවැත්වුණු අතර, මෙහිදී අදාළ සිසුන් NVQ 3 වන මට්ටමේ ජාතික වෘත්තීය සුදුසුකම හිමිකර ගත්තේය. සැමට ගුණාත්මක වෘත්තීය අධ්‍යාපනයක් ලබා දීම සහ ආබාධ සහිත පුද්ගලයන්ට අර්ථවත් වෘත්තීය ජීවිතයක් ගොඩනංවා ගැනීමට අවස්ථාව උදාකර දීම අරමුණු කරගනිමින් ක්‍රියාත්මක මෙම වැඩසටහන සඳහා J.M. Wickramarachchi & Co. ආයතනය විසින් සිසුන් වෙත ශිෂ්‍යත්ව ද පිරිනමා ඇත.














