ලෝක බෞද්ධ විද්වත් සන්ධානයේ (WOBSA) ප්රධාන නියෝජිත පිරිසක් සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අතර හමුවක් පැලවත්තේ පිහිටි එම පක්ෂ කාර්යාලයේදී පැවැත්වී තිබේ.
මෙම හමුවට ඉන්දියාවේ තෙලංගානා ප්රාන්තයේ හයිද්රාබාද්හි ‘බුද්ධවනම්’ (Buddhavanam) ව්යාපෘතියේ විශේෂ නිලධාරී මහාචාර්ය මලපල්ලි ලක්ෂ්මයියා සහ ප්රකට ඉන්දීය නළුවෙකු මෙන්ම බෞද්ධ ක්රියාකාරිකයෙකු වන ආචාර්ය ගගන් මලික් ඇතුළු පිරිසක් සහභාගි වී ඇත.
බෞද්ධ ආගමික කටයුතු සඳහා සහාය වීම, බෞද්ධ උරුමයන් සුරැකීම සහ ඉන්දියාව හා ශ්රී ලංකාව අතර සංස්කෘතික හා ආධ්යාත්මික සබඳතා ප්රවර්ධනය කිරීම අරමුණු කරගත් සන්ධානයේ සහයෝගීතා ව්යාපෘති පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.
එමෙන්ම, දෙරටේ බෞද්ධ උරුමයන් ආරක්ෂා කිරීම, බෞද්ධ සංස්කෘතිය ප්රවර්ධනය කිරීම සහ සාමය, සංහිඳියාව හා මිත්රත්වය වර්ධනය කිරීම සඳහා අන්යෝන්ය අවබෝධයෙන් යුතුව එක්ව කටයුතු කිරීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු වී ඇත.
















