27 April 2024
#දේශීය

මහල් නිවාසයකින් වැටී කාන්තාවක් මරුට

වැල්ලවත්ත, ස්කයිලයින් එපාර්ට්මන්ට් නැමැති තට්ටු ගොඩනැගිල්ලේ 08 වන මහලෙන් ඇඳ වැටී කාන්තාවක් මිය ගොස් ඇති බව පොලිසිය පවසයි. මිය ගිය කාන්තාව වයස අවුරුදු 49 ක් වු කොළඹ 06 ප්‍ර දේශයේ පදිංචිකාරියකි. මිය ගිය කාන්තාව විවාහක එක්දරු මවක් වන අතර ඇයගේ සැමියා ඊට පෙර දින පෞද්ගලික කටයුත්තක් සඳහා යාපනය ප්‍රදේශයට ගොස් ඇත.

සිද්ධිය වු දින ඇයගේ පුතා නිවසේ පාඩම් කරමින් සිටියදී ඇය නිවසේ තිබු පුටුවක් රැගෙන ඉහත ගොඩනැගිල්ලේ 08 වන මහලට ගොස් එයින් පැන ඇති බවට සිදු කල විමර්ශනයේදී අනාවරණ වී ඇති බව පොලිසිය පවසයි.

තවද මෙම මරණකාරිය මානසික රෝගී තත්ත්වයක් සඳහා ප්‍රතිකාර ලබමින් සිටි අයෙකු බවට අනාවරණ වී ඇත. මෘත ශරීරය කළුබෝවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *