27 April 2024
#දේශීය

පවුල් ආරවුලෙන් කාන්තාවක් මරුට

මහරගම, පමුණුව පාර ප්‍රදේශයේ නිවසකදී ඊයේ (16) පස්වරුවේ පවුල් ආරවුලක් දුරදිග යාමෙන් කාන්තාවක් ඝාතනයට ලක්ව ඇති බව පොලිසිය පවසයි.

පොලිසිය පැවසුවේ ස්වාමි පුරුෂයා විසින් බිරිඳට යකඩ පොල්ලකින් පහරදීමෙන් මෙම මරණය සිදුව ඇති බවයි.

මිය ගිය කාන්තාව වයස 33 හැවිරිදි වියේ පසු වු අයෙකි. මෘත ශරීරය කළුබෝවිල රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විසින් මියගිය තැනැත්තියගේ ස්වාමිපුරුෂයාව අත්අඩංගුවට ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මහරගම පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *