27 April 2024
#දේශීය

මැණික්හින්නේ සිදු වු අනතුරින් කාන්තාවක් මරුට

මැණික්හින්න ප්‍රදේශයේ සිදු වු රිය අනතුරින් කාන්තාවක් මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

මැණික්හින්න පොලිසිය පැවසුවේ ඊයේ (27) පස්වරුවේදී පල්ලේකැලේ ප්‍රදේශයේදී මහනුවර දෙස සිට මහියංගනය දෙසට ධාවනය වු කැබ් රථයක මාර්ගය හරහා ගමන් කල පදික කාන්තාවක් ගැටී අනතුරක් සිදුව ඇති බවයි.

අනතුරින් බරපතල තුවාල ලැබු පදික කාන්තාව මැණික්හින්න රෝහලට ඇතුලත් කිරීමේදී මිය ගොස් ඇත. මිය ගිය කාන්තාව වයස අවුරුදු 62 ක් වන කුණ්ඩසාලේ ප්‍රදේශයේ පදිංචිකාරියකි.

මෘත ශරීරය මැණික්හින්න රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කැබ් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.

මැණික්හින්න පොලිසිය මෙම අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *