කන්තලේ – ත්‍රිකුණාමලය මාර්ගයේ තඹලගමුව ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන බස් නැවතුමක ගැටුණු ත්‍රිරෝද රථයකින් සිදු වූ අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් තිදෙනෙකු තුවාල ලබා තිබේ.
ඊයේ (28) සිදු වූ මෙම අනතුරෙන් තුවාල ලැබූවන් අතර ත්‍රිරෝද රථ රියදුරු සහ එහි පසුපස ගමන් කළ කාන්තාවන් තිදෙනෙකු ද සිටිති. කන්තලේ සිට ත්‍රිකුණාමලය දෙසට ධාවනය වෙමින් තිබූ ත්‍රිරෝද රථය රියදුරුට නින්ද යාම හේතුවෙන් මාර්ගයෙන් ඉවතට පැන බස් නැවතුමේ ගැටී ඇති බව පොලිසිය පවසයි.
තුවාල ලැබූවන් තඹලගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඉන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇත. ඇය ගල්මැටිය ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි කාන්තාවකි. සිද්ධිය සම්බන්ධයෙන් තඹලගමුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
















