“චිර ජීවන යුගය – දිගු දිවියක් උදෙසා අපේ ක්‍රම ගැන නැවත සිතමු” යන්න මෙවර ලෝක වැඩිහිටි දිනයේ තේමාව වී ඇති අතර, අදට (01) යෙදී ඇති ලෝක වැඩිහිටි දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරිය ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙත සිය සුබපැතුම් පිරිනමා තිබේ.
රට තුළ වැඩිහිටි ජනගහනයේ ශීඝ්‍ර වැඩිවීමක් දක්නට ලැබෙන පසුබිමක, වැඩිහිටි ප්‍රජාවගේ ආර්ථික සුරක්ෂිතතාව තහවුරු කරමින් මාසික වැඩිහිටි දීමනාව රුපියල් 5,000 දක්වා ඉහළ නැංවීමට, නව ජාතික වැඩිහිටි ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට සහ ‘රජත ආර්ථික’ සංකල්පය ප්‍රායෝගික තලයට ගෙන ඒමට රජය පියවර ගෙන ඇති බව ඇය වැඩිදුරටත් අවධාරණය කර ඇත.
















