ලෝක සාම පාගමනේ තෙවන දිනය වූ අද (24) අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මහනුවරදී එම පාගමනට එක්වූවාය.
මහනුවර ශ්‍රී දළදා මාලිගාව අභියසින් අද උදෑසන ආරම්භ කෙරුණු මෙම සාම පාගමනට අග්‍රාමාත්‍යවරිය එක්වූ අතර, එහිදී පඤ්ඤාකර හිමියන් ඇතුළු මහා සංඝරත්නය බැහැදැක සුහද පිළිසඳරක නිරත වීමට ද ඇය කටයුතු කළාය.
මෙම සාම පාගමන අද දින මාවනැල්ල බෙලිගම්මන විද්‍යාවර්ධන පිරිවෙන් පොත්ගුල් විහාරයෙන් අවසන් වීමට නියමිතව ඇත.














