X (පෙර Twitter) ආයතනය සිය නිර්මාණකරුවන්ගේ ආදායම් බෙදාගැනීමේ වැඩසටහන (Creator Revenue Share Programme) නිල වශයෙන් අත්හිටුවා ඇති අතර, ඒ වෙනුවට නව ‘මුල් අන්තර්ගත ත්‍යාග වැඩසටහනක්’ (Original Content Rewards Programme) හඳුන්වා දී තිබේ. වේදිකාව ආක්‍රමණය කරමින් පවතින බොට් ගිණුම් සහ නිරර්ථක අන්තර්ගතයන් පාලනය කරමින්, වේදිකාවට සැබෑ වටිනාකමක් එක් කරන නිර්මාණකරුවන් ඇයැඩීම මෙහි අරමුණයි.
මෙම නව වැඩසටහන හරහා මුල් අදහස්, විශේෂඥ දැනුම, වාර්තාකරණය, නිර්මාණශීලිත්වය සහ විවරණ X වේදිකාවට ගෙන එන නිර්මාණකරුවන් ධානය කිරීමට නියමිතය. නව ආදායම් බෙදාගැනීමේ අයැදුම්පත් භාරගැනීම මේ වන විට අත්හිටුවා ඇති අතර, දැනට පවතින සාමාජිකයන්ට 2026 සැප්තැම්බර් 7 වන දින දක්වා එම ක්‍රමය යටතේ ඉපැයීම් සිදු කිරීමට අවස්ථාව හිමි වේ. ඒ අනුව අගෝස්තු 14, අගෝස්තු 28 සහ සැප්තැම්බර් 11 යන දිනවල ඔවුන්ගේ අවසන් ගෙවීම් තුන ලැබීමට නියමිතය.
2026 සැප්තැම්බර් 8 වන දින සිට, දැනට පවතින ආදායම් බෙදාගැනීමේ සාමාජිකයන්ට නව ‘මුල් අන්තර්ගත ත්‍යාග වැඩසටහන’ සඳහා අයැදුම් කිරීමට අවශ්‍ය පහසුකම් ක්‍රමයෙන් ලබා දෙන බව X ආයතනය වැඩිදුරටත් සඳහන් කර ඇත. මෙම නව වැඩසටහනට සම්බන්ධ වීම සඳහා පරිශීලකයන් X ආයතනය විසින් නියම කරනු ලබන නව සුදුසුකම් සපුරාලිය යුතුව ඇත.
















