බ්‍රිතාන්‍යයේ නව අගමැති ඇන්ඩි බර්හැම් (Andy Burnham) සමඟ පැවති දුරකථන සාකච්ඡාවකදී චීන ජනාධිපති ෂී ජින්පිං ප්‍රකාශ කර ඇත්තේ, බීජිං සහ ලන්ඩන් අතර වෙනස්කම්වලට වඩා වැඩි පොදු අන්‍යෝන්‍ය අවශ්‍යතා පවතින බවයි. දෙරට අතර පවතින වෙනස්කම් මඟහරවා ගනිමින්, පොදු එකඟතා මත පදනම්ව අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සහයෝගීතාව පුළුල් කළ යුතු බව ඔහු අවධාරණය කර තිබේ.
තාක්ෂණය, අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා සහ මූල්‍ය අංශ යන ක්ෂේත්රවල දෙරටට එකඟතාවකින් යුතුව කටයුතු කළ හැකි බව චීන ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දී ඇත. අගමැති බර්හැම්ගේ ඉල්ලීම මත මෙම දුරකථන සංවාදය සිදුව තිබෙන අතර, එහිදී දෙරටේ ආර්ථික වර්ධනය මෙන්ම ජාත්‍යන්තර සහ දේශීය ආරක්ෂක කාරණා සම්බන්ධයෙන්ද අවධානය යොමු කර තිබේ.














