රාජ්‍ය සංචාරයක් සඳහා චීනයට පැමිණ සිටින ජෝර්දානයේ දෙවන අබ්දුල්ලා රජු සහ චීන ජනාධිපති ෂී ජින්පිං මහතා අතර විශේෂ සාකච්ඡාවක් බෙයිජිංහි Great Hall of the People පරිශ්‍රයේදී පැවැත්විණි.
අස්ථාවර ජාත්‍යන්තර හා කලාපීය තත්ත්වයන් හමුවේ චීන-ජෝර්දාන සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම “ගෝලීය දකුණේ” (Global South) එකමුතුකමට සහ ස්වශක්තියට මහත් රුකුලක් වන බව චීන ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. ජෝර්දානයේ ජාතික ස්වෛරීභාවය, ආරක්ෂාව සහ සංවර්ධන අභිලාෂයන් වෙනුවෙන් චීනයේ ස්ථාවර සහයෝගය හිමිවන බව තහවුරු කළ ෂී ජින්පිං මහතා, එක්සත් ජාතීන්ගේ සංවිධානය මුල් කරගත් ජාත්‍යන්තර පද්ධතිය සහ ජාත්‍යන්තර නීතිය ආරක්ෂා කිරීමට දෙරට එක්ව කටයුතු කරන බවද අවධාරණය කළේය.
















