යේමනයේ ක්‍රියාත්මක ISIS ත්‍රස්ත සංවිධානයේ නිල ප්‍රකාශක මෙන්ම එහි යේමන ජාලයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ අබූ හුදෙයිෆා අල්-අන්සාරි විශේෂ මෙහෙයුමකදී ඝාතනය කර ඇති බව යේමන රාජ්‍ය ආරක්ෂක ඒජන්සිය තහවුරු කරයි.
සවුදි අරාබිය ප්‍රමුඛ සන්ධානගත හමුදාවන්හි සහාය ඇතිව යේමන ප්‍රතී-ත්‍රස්තවාදී 22 වන බලකාය විසින් හද්රමවුත් පළාතේ සියියුන් නගරයේ පිහිටි ත්‍රස්ත සැඟවුම්පොළක් ඉලක්ක කරගනිමින් එල්ල කළ මෙම වැටලීමේදී ඇතිවූ වෙඩි හුවමාරුවෙන් තුවාල ලැබූ අන්සාරි පසුව මියගොස් තිබේ.
2023 වසරේ සිට ඊසිස් සංවිධානයේ ප්‍රධාන ප්‍රකාශකයා ලෙස කටයුතු කළ අන්සාරිගේ ඝාතනය අයි.එස්.අයි.එස්. සංවිධානයේ කලාපීය නායකත්වයට එල්ල වූ දැවැන්ත පහරක් ලෙස සැලකෙන අතර, මෙම මෙහෙයුමේදී සිවිල් වැසියන්ට කිසිදු හානියක් සිදුවී නොමැති බවද වාර්තා වේ.














