27 April 2024
#දේශීය

මෙතෙක් කල් තිබූ මතය සහමුලින්ම වෙනස් කිරීමට ඊයේ විරෝධතාවයේදී හැකි වුනා – විපක්ෂනායක

ආණ්ඩුවෙන් වේවා පොලිසියෙන් වේවා අවසර නොගෙන පා ගමන් සහ විරෝධතා පැවැත්වීමට නොහැකි බවට මෙතෙක් කල් තිබූ මතය සහමුලින්ම වෙනස් කිරීමට ඊයේ විරෝධතාවයේදී හැකිවූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ සක්වල වැඩසටහනට සමගාමීව 39 වන බස්රථය ගල්ගමුව යූ.බී වන්නිනායක ජාතික පාසලට අද (03)  පරිත්‍යාග කරනු ලබන අවස්ථාවට එක්වෙමිනි.

විරෝධතාවය නීතිවිරෝධී බවට පොලීසිය විසින් පෞද්ගලිකව මන්ත්‍රීවරුන්ටත් කාර්යාලයටත් දැනුම් දී තිබූ බව පැවසූ විපක්ෂ නායකවරයා ඒ පිළිබඳව තමන් ඇතුලු කිසිවෙක් මායිම් නොකළ බවත් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස 

 යෑමටත් විරෝධතා පැවැත්වීමටත් ඇති මූලික අයිතිවාසිකම රැක ගැනීමට හැකිවීම ඊයෙ ලද සුවිශාල ජයග්‍රහණයක් බව විපක්ෂනායකවරයා පැවසීය.

සමගි ජන බලවේගය යනු මේ රටේ විකල්ප ආණ්ඩුව බව පැවසූ හෙතෙම අද එය විපක්ෂය වුවද හැසිරෙන්නේ වගකීම් සහගතව බවද පැවසීය.

ඊයේ විරෝධතාවයට තමන් සහභාගි වූයේ ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා වූ අරගලයට පිටුපසින් සිට නොව ඉදිරි පසින් සිටිමින්ම නායකත්වය දිය යුතු නිසා බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *