නිරිතදිග චීනයේ චොංචිං මහ නගර සභාවට අයත් යොංචුවාන් (Yongchuan) දිස්ත්‍රික්කයට පසුගිය සෙනසුරාදා රාත්‍රියේ සිට ඉරිදා අලුයම දක්වා ඇද හැළුණු අධික වර්ෂාව හේතුවෙන් හදිසි ගංවතුර තත්ත්වයක් හටගෙන තිබේ. මෙම ව්‍යසනයෙන් මේ වන විට පුද්ගලයින් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, තවත් 17 දෙනෙකු අතුරුදන්ව ඇති බවත් චීනයේ රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි. අධික වර්ෂාව හේතුවෙන් භූ විද්‍යාත්මක ආපදා (නායයෑම් සහ පස් කඩා වැටීම්) ඇතිවීමේ අවදානම ඉහළ යාම නිසා බලධාරීන් විසින් 7 වැනි දින අලුයම සිට 3 වැනි මට්ටමේ හදිසි ආපදා ප්‍රතිචාර දැක්වීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇත. මේ වන විට අතුරුදන් වූවන් සොයා සහ විපතට පත් වූවන්ට සහන සැලසීම සඳහා දැවැන්ත මෙහෙයුමක් දියත් කර තිබේ. චීන රජය විසින් මෙම ව්‍යසනයෙන් විනාශ වූ යටිතල පහසුකම් සහ පොදු සේවා යථා තත්ත්වයට පත් කිරීම සඳහා යුආන් මිලියන 20ක (ඩොලර් මිලියන 2.94ක් පමණ) මුදලක් වෙන් කර ඇති බව ජාතික සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව පවසයි.














