27 April 2024
#Uncategorised

තරුණ කෘෂි ව්‍යවසායක සහතික පත්‍ර පාඨමාලාව ආරම්භ කෙරේ

ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨය සහ උතුරු මැද පළාත් වාණිජ මණ්ඩලය හා එක්ව ක්‍රියාත්මක කරනු ලබන තරුණ කෘෂි ව්‍යවසායක සහතික පත්‍ර පාඨමාලාව සඳහා අවබෝධතා ගිවිසුමකට පසුගිය 01 වනදා අනුරාධපුර ජාතික තරුණසේවා සභාවේ උතුරුමැද පළාත් කාර්යාලයේදී සිදු කෙරිණි.

මෙම තරුණ කෘෂි ව්‍යවසායක සහතික පත්‍ර පාඨමාලාව සඳහා අද දින තරුණ තරුණියන් ලියාපදිංචි කළ අතර මේ වසරේ දෙසැම්බර් 01වැනි දින සිට පාඨමාලාව ආරම්භ වේ.

පුහුණුව සාර්ථකව නිම කරන තරුණ තරුණියන් වෙනුවෙන් ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයෙන් සහතික පත්‍ර ලබාදීමට කටයුතු කරන බව අනුරාධපුර ජාතික තරුණසේවා සභාවේ සහකාර අධ්‍යක්ෂ කේ.ඩී.සී.ගාමිණී මහතා පැවසීය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය සංජය ප්‍රනාන්දු මහතා (පාඨමාලා සමායෝජක), උතුරුමැද පළාත් වාණිජ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් පී. බී. දිසානායක මහතා, ජාතික තරුණසේවා සභාවේ උතුරුමැද පළාත් අධ්‍යක්ෂ එම්. ඩී. ගුණසේන මහතා, අනුරාධපුර දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ කේ. ඩී. ගාමිණී මහතා සහ දිස්ත්‍රික් මණ්ඩලයේ සභාපති ජී.ඒ.ජනත් ප්‍රසන්න මහතා සහභාගි විය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *