රුසියාව යුක්‍රේනයේ බලශක්ති සහ අනෙකුත් යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් ගුවන් ප්‍රහාර වැඩි කර ඇති බවට චෝදනා කරමින්, ඊට ප්‍රතිචාර ලෙස රුසියාවේ තෙල් පිරිපහදු මධ්‍යස්ථාන ඇතුළු බලශක්ති ආශ්‍රිත ඉලක්කවලට ප්‍රහාර එල්ල කිරීම තවදුරටත් සිදුකරන බව යුක්‍රේන ජනාධිපති Volodymyr Zelenskiy පවසා තිබේ.
Reuters වෙත අදහස් දක්වමින් Zelenskiy සඳහන් කර ඇත්තේ රුසියානු ප්‍රහාර හේතුවෙන් යුක්‍රේනයේ බලශක්ති පද්ධතියට සිදුවන බලපෑමට ප්‍රතිචාර ලෙස රුසියානු තෙල් පිරිපහදු මධ්‍යස්ථාන ඉලක්ක කරන බවයි. එහෙත් සිවිල් ජනතාව හෝ සිවිල් යටිතල පහසුකම් අවිචාරවත් ලෙස ඉලක්ක නොකරන බවද ඔහු අවධාරණය කර තිබේ.
මේ අතර, Kyiv ඇතුළු යුක්‍රේන නගරවලට රුසියාව ප්‍රහාර එල්ල කිරීමේ නව ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවට Zelenskiy චෝදනා කර ඇති අතර, රුසියානු විදේශ අමාත්‍යාංශය එම ප්‍රහාර යුක්‍රේනයෙන් එල්ල වූ ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස සිදුකරන බව පවසා තිබේ. දෙපාර්ශ්වයම සිවිල් ජනතාව හිතාමතා ඉලක්ක කරන බවට ඇති චෝදනා ප්‍රතික්ෂේප කරයි.














