• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අක්‍රියව තිබු බදු අභියාචනා කොමිෂන් සභාව සක්‍රීය කෙරේ

8 November 2018
in සංවර්ධන

කලක් අක්‍රීයව පැවැති බදු අභියාචනා කොමිෂන් සභාවට නව සාමාජිකයන් පත්කරමින් අග්‍රාමාත්‍ය හා මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් එම කොමිෂන් සභාව යළි සක්‍රීය කර ඇති බව මුදල් අමාත්‍යංශය නිවේදනය කරයි.

විනිශ්චයකාර හෙක්ටර් යාපා මහතා බදු අභියාචනා කොමිෂන් සභාවේ සභාපති ලෙසද, විනිශ්චයකාර සුනිල් රාජපක්ෂ මහතා සහ හිටපු විගණකාධිපතිවරයෙකු වන එස්. ස්වර්ණජෝති මහතා එහි සාමාජිකයන් ලෙස පත්කරනු ලැබ ඇත.

2011 අංක 23 දරණ බදු අභියාචනා කොමිෂන් සභා පනත යටතේ පිහිටුවා ඇති මෙම බදු අභියාචනා කොමිෂන් සභාව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා හෝ රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා සමඟ බදු ගෙවන්නෙකුට ඇතිවන්නා වූ යම් ආරවුලක් වේනම් ඉක්මනින් විසඳා ගැනීමට පහසුකම් සැලසේ.

බදු ගෙවන්නෙකුට තමන්ගේ වාර්තාව අනුව ගෙවිය යුතු යම් බද්දක්, ගාස්තුවක් හෝ අයකිරීමක් පැනවීම හා අදාළ යම් කාරණාවක් සම්බන්ධයෙන් යම් දුක්ගැනවිල්ලක් තිබේනම් ඒවා මෙම කොමිෂන් සභාවට යොමුකළ හැකිය. එම අභියාචනා විභාග කිරීමෙන් අනතුරුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව හෝ රේගු දෙපාර්තමේන්තුව විසින් දෙන ලද තීන්දු හා නියමයන් අඩු කිරීමටල සංශෝධනය කිරීමට හෝ සනාථ කිරීමට මෙම කොමිෂන් සභාවට බලය හිමිවේ.

මෙම කොමිෂන් සභාව ඉදිරියේ දැනටමත් බදු ගෙවන්නන් විසින් ඉදිරිපත් කරන ලද අභියාචනා 224 ක් නොවිසඳී තිබෙන බැවින් මෙම කොමිෂන් සභාව සක්‍රීය කිරීම සමඟ මෙම අභියාචනා සඳහා කඩිනම් විසඳුම් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. බදු ගෙවන්නන් හට තම ගැටලු වලට කඩිනමින් විසඳුම් ලබාදීම සඳහා බදු අභියාචනා කොමිෂම වැනි ආයතනයන් සක්‍රීය කිරීමෙන් ශ්‍රී ලංකාව තුළ ව්‍යාපාර පහසු කිරීමේ වාතාවරණයන් තවදුරටත් පුළුල් වනු ඇත.

Post Views: 11
Previous Post

නව ඇමැති පුටුවලට…! බන්දුලට සුසිල්ට

Next Post

උතුරු නැගෙනහිර සංවර්ධනය වැඩසටහනේ ප‍්‍රගතිය ජනපතිගේ පැසසුමට

editor

editor

Next Post

උතුරු නැගෙනහිර සංවර්ධනය වැඩසටහනේ ප‍්‍රගතිය ජනපතිගේ පැසසුමට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved