27 April 2024
#දේශීය

නව ඇමැති පුටුවලට…! බන්දුලට සුසිල්ට

නව කැබිනට් අමාත්‍යවරු දෙදෙනෙක් සහ රාජ්‍ය අමාත්‍යවරුන් 5 දෙනෙක් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දී දිවුරුම් දී ඇත.
ඒ අනුව, දිවුරුම් දුන් නව අමාත්‍යවරුන් මෙලෙස දැක්වෙයි.

කැබිනට් අමාත්‍යවරුන්,

බන්දුල ගුණවර්ධන මහතා – ජාත්‍යන්තර වෙළඳ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය
සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා – රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ අධිකරණ අමාත්‍ය

රාජ්‍ය අමාත්‍යවරුන්,

සී.බී රත්නායක මහතා – ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය
සාලින්ද දිසානායක මහතා – දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය
ලක්ෂමන් වසන්ත පෙරේරා මහතා – ජාත්‍යන්තර වෙළඳාම සහ ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය
එස්.එම්.චන්ද්‍රසේන මහතා – සමාජ සවිබල ගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය
අනුර ප්‍රියදර්ශන යාපා මහතා – මුදල් රාජ්‍ය අමාත්‍ය

නව අමාත්‍යාංශ ලේකම්වරු පත්කෙරේ.

එමෙන්ම අමාත්‍යාංශ තුනක් සඳහා පත්කළ නව ලේකම්වරු ද අද (08) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපි ලබා ගත්හ.

එම අමාත්‍යාංශ ලේකම්වරු

01. ජේ.ජේ. රත්නසිරි මහතා – රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු හා අධිකරණ අමාත්‍යාංශය

02. එස්.පී. කොඩිකාර මහතා – ජාත්‍යන්තර වෙළෙඳ හා ආයෝජන ප‍්‍රවර්ධන අමාත්‍යාංශය

03. ආර්.ඩබ්. ආර්. පේමසිරි මහතා – මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යාංශය

Leave a comment

Your email address will not be published. Required fields are marked *