• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අඩු නොකළ බඩු මිල ගැන ජනපති තදීන් සිටි

18 December 2019
in දේශීය

උපරිම සිල්ලර මිල බලාත්මක කිරීමට සහ වෙළෙඳ පොළ මගඩිවලට පාරිභෝගිකයන් ගොදුරුවන උත්සව සමයේ දී අත්‍යාවශ්‍ය භාණ්ඩ නොකඩවා වෙළෙඳ පොළට සැපයීම සහතික කිරිමට අවශ්‍ය කඩිනම් පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාරිභෝගික කටයුතු අධිකාරියට දැනුම් දී තිබේ.

ඒ අනුව සහල් කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 98ක් ලෙසට පාරිභෝගික අධිකාරිය විසින් මෑතකදී ගැසට් කරන ලදීග අමාත්‍ය මණ්ඩලය විසින් මේ තීරණය ගන්නා ලද්දේ ප්‍රධාන සැපයුම්කරුවන් සමග සාකච්ඡා කොට රට තුළ පවත්නා තොග තත්ත්වය සහතික කර ගැනීමෙන් අනතුරුවය.

ප්‍රධාන වී මෝල් හිමියෝ මේ මිල සිය සහල් පැකට්වල සඳහන් කරන බවට සහ සිල්ලර බෙදාහැරීම් ජාලය තුළ එම මිලට සහල් විකුණන බවට සහතික වූ නමුත් බොහෝ ස්ථානවල එය සිදු නොවන බවට පැමිණිලි ලැබී තිබේ.

එබැවින් වෙළෙඳ පොළ සැපයුම් තත්ත්වය පරීක්ෂා කරමින් හා සහල් සැපයුම් මධ්‍යස්ථානවල තොග පරීක්ෂා කර දෛනිකව ඒවා මුදා හැරීම සඳහා කණ්ඩායමක් පත්කරන ලෙසට ජනාධිපතිවරයා පාරිභෝගික අධිකාරියට නියෝග කර ඇති බව මාධ්‍ය අංශය පවසයි.

පිටකොටුවේ සහ සෙසු ප්‍රධාන වෙළෙඳ පොළවල සහල් සැපයුම්කරුවන් පිළිබඳව පරීක්ෂා කිරීමට අවශ්‍ය කඩිනම් පියවර ද අධිකාරිය විසින් ගත යුතුය.

එසේම සහල් කර්මාන්තය දියුණු කිරීම සඳහා රජය විසින් උපරිම ප්‍රයත්න දැරීම වී මෝල් හිමියන් සහ වෙළෙඳුන් අගය කළ යුතුයග අනවශ්‍ය ලෙස සහල් ආනයනය හෝ වෙළෙඳ පොළ මෙහෙයුම් කටයුතු සඳහා වෙනත් ආකාරයේ රජයේ මැදිහත්වීම් සඳහා බල නොකෙරෙන පරිදි වී වෙළෙඳ පොළෙහි සැපයුම් තත්ත්වය සහතික කිරීම වී මෝල් හිමියන්ගේ සහ වෙළෙඳුන්ගේ වගකීමකි.

2019- 2020 මහ කන්නය ආරම්භ වී ඇති හෙයින් සහ අස්වැන්න 2020 ජනවාරි මාසයේ සිට අපේක්ෂා කරන හෙයින්ල උත්සව සමය තුළ දැරිය හැකි මිලකට භාණ්ඩ ලබා ගැනීමේ අවස්ථාව පාරිභෝගිකයන්ට සපයන අතරම, සිය වගාවන් පුළුල් කර ගැනීමේ උපරිම අවස්ථාව ගොවීන්ට ලැබිය යුතුය .

සැපයුමේ හිඟයක් පිළිබඳව බිය විමට හේතුවක් නැත. වෙළෙඳ පොළ තරඟකාරිත්වය ප්‍රවර්ධනය කිරීමට සහ මේ කාලය තුළ විශේෂයෙන් නාගරික සහ වතු කම්කරු ජනතාවට දැරිය හැකි මිලකට තිරිඟු පිටි ලබා ගැනීමේ අවස්ථාව සැලසිම සඳහා තිරිඟු පිටි ආනයනය මත පනවා තිබූ සිමා ද රජය විසින් ලිහිල් කර ඇත.

රජය දැනටමත් වැට් බද්ද 15% සිට 8% දක්වා පහත දමා ඇති අතර 2 % ජාතිය ගොඩනැගීමේ බද්ද සහ අනෙකුත් වක්‍ර බදු ඉවත් කර ඇත්තේ එක් අතකින් ජිවන වියදම අඩු කිරීමේ අරමුණෙන් සහ අනෙක් අතට රට තුළ සැපයුම් ප්‍රවර්ධනය පිණිස ව්‍යාපාර හිතකර වටපිටාවක් නිර්මාණය කිරීම සඳහාය. ශ්‍රි ලංකා මහ බැංකුව විසින් නිවේදනය කර ඇති ආර්ථික සේවා ගාස්තු ඉවත් කිරීම සහ වෙනත් සහන හේතුවෙන් ද සහල් හිමියන්ට සහ වෙළෙඳුන්ට ප්‍රතිලාභ අත් වේ.

කෙසේ වුවද ඇතැම් භාණ්ඩවල මිල සතුටුදායක ලෙස පහත ගොස් නොමැති බවට නිරීක්ෂණය වී ඇති අතර ආහාර ද්‍රව්‍ය, ආලේපණ ගොඩනැඟිලි අමුද්‍රව්‍ය සහ වෙනත් බොහෝ භාණ්ඩවල මිල ගණන් මඟින් අදාළ මිල පහත දැමීම් පිළිබිඹු විය යුතුය. එබැවින් එවන් භාණ්ඩ සැපයීමෙහි නිරත සියලුම කණ්ඩායම් රැස්කර මේ ප්‍රතිලාභ පාරිභෝගිකයන් වෙත ලැබීමට සළස්වන ලෙසත්, නිසි පදනමක් මත ඵලදායී ලෙසට වෙළෙඳ පොළට සන්නිවේදනය කරන ලෙසත් අධිකාරිය වෙතින් ජනාධිපතිවරයා දන්වා තිබේ.

 

Post Views: 11
Previous Post

හිටපු අමාත්‍ය පාඨලි චම්පික අත්අඩංගුවට

Next Post

ඛනිජ තෙල් සේවකයින්ගේ අතිකාල දීමනා ගැන වාර්තාවක් ඇමැති අමරවීර ඉල්ලයි

editor

editor

Next Post

ඛනිජ තෙල් සේවකයින්ගේ අතිකාල දීමනා ගැන වාර්තාවක් ඇමැති අමරවීර ඉල්ලයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved