• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අතිනවීන සුඛෝපභෝගි බස්රථ අග්‍රාමාත්‍යවරයා අතින් ලංගමට  

27 June 2019
in සංවර්ධන

ශ්‍රි ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස්රථ ඇණිය අති නවීන සුඛෝපභෝගී බස්‍ රථවලින් සන්නද්ධ කිරීම අද (27) සිදු විය. ඒ අති නවීන සුඛෝපභෝගී බස්රථ 2000ක් ගෙන්වීමේ ව්‍යාපෘතියේ මුල් අදියර ක්‍රියාත්මක කරමින් චීනයෙන් ගෙන් වූ කින්ග් ලෝන්ග් බස්‍ රථ 9ක් ලංගම ඩිපෝ වෙත භාර දෙමිනි. එහි උත්සවය අද පැවැත්වුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගණයේදීය.

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අති සුඛෝපභෝගි බස් රථ එක් කිරීමේ ව්‍යාපෘතිය අමාත්‍ය මණ්ඩලය අනුමත කළ ව්‍යාපෘතියකි. ඒ යටතේ කැඳවූ ටෙන්ඩර් ක්‍රියාවලියකින් පසුව සුඛෝපභෝගී බස් රථ ලංගමට සැපයීමේ නියෝජිත ආයතනය ලෙස පත් වූයේ සොෆ්ට්ලොජික් ආයතනයයි. එම ආයතනය චීනයේ කින්ග් ලෝන්ග් සමාගමෙන් ගෙන්වූ මෙම කින්ග් ලෝන්ග් බස් රථයක මිල රු. මිලයන 17.1කි. ලාභ ලබන ශ්‍රී ලංගම ඩිපෝ තම මුදලින් මෙම බස්රථ මිලදි ගැනිණ. ඒ ඩිපෝ මධ්‍යම බස් නැවතුම් කාර්යාලය බස් රථ 02ක්, මහරගම ඩිපෝව බස්රථ 02ක්, මොරටුව සුපභෝගි බස් ඩිපෝව බස්රථ 02ක්, පොළොන්නරු ඩිපෝව 01ක්, මාතලේ ඩිපෝව බස්රථ 01ක් වශයෙනි. වැය කළ සම්පූර්ණ මුදල 153.9කි.

අද ලංගම ඩිපෝ වෙත ලබා දුන් ලෝන්ග් වින්ග් මාදිලියේ බස් රථය 2017 වර්ෂයෙන් පසුව කින්ග් ලෝන්ග් සමාගම විසින් නිකුත් කළ නවතම බස්රථ මාදිලියකි. එම මාදිලියේ බස්රථ තවමත් අපනයනය කර ඇත්තේ යුරෝපා රටවලට පමණක් වේ. ආසියානු රටකට ප්‍රථම වරට මෙම බස්රථ ආනයනය කර ඇත්තේ ශ්‍රී ලංකාවයි. සි.එන්.කැප්. යන ආරක්ෂක ප්‍රමිති පරික්ෂණයෙන් එම බස් රථය ලකුණු 98.02ක් ලබා ගනිමින් ආරක්ෂක තත්වය ඉතා උසස් බවට තහවුරු වී ඇත. එමෙන්ම සෑම අසුනකම USB සබදතාවයද ස්වයංක්‍රියව ක්‍රියාත්මක වන තනි තනිව කියවිය හැකි විදුලි පහන් පද්ධතියද මෙම බස් රථයේ දක්නට ඇත. රියදුරාට බස්රථය පාලනය කර ගැනීම සඳහා ස්වයංක්‍රිය පාලන පද්ධතිය, මඟීන් සඳහා ශිතකරණ සහ විදුලි ආලෝක පද්ධතිය මෙන්ම CCTV කැමරා පදධතියද මෙහි වෙයි. බස්රථය ධාවනය කරන අතරතුරදි ඒ පිළිබඳ සොයා බැලිමේ ජි.පි.ස්. තාක්ෂණික ක්‍රමවේදයද මෙම බස්රථයෙහි වෙයි. ලොව ප්‍රමුඛතම එන්ජින් සමාගමක් වන චීනයේ යූචා සමාගම විසින් නිෂ්පාදිත අශ්ව බල 330ක ධාරිතාවයෙන් යුතු එන්ජිමක් මෙම බස් රථයට යොදවා ඇති අතර ශ්‍රි ලංකාවේ ඕනැම මාර්ගයක ධාවනය සඳහා එය නිර්දේශ කෙරේ. ශ්‍රි ලංකා ගමනා ගමන මණ්ඩලයේ සියයට සියයක්ම පිලිවිතර වලට අනුව මෙම බස්රථය නිෂ්පාදනය කර ඇති බවද සොෆ්ට් ලොජික් ආයතනයේ ජ්‍යෙෂ්ඨ කළමණාකාර නිශාන් ජයතිලක මහතා පවසයි. එම සුඛෝපභෝගී බස්‍ රථ අද ශාලිකා ක්‍රීඩාංගනයේ පැවැති උත්සවයේදී ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට නිල වශයෙන් භාර දුන්නේ සොෆ්ට් ලොජික් ආයතනයේ අධ්‍යක්ෂ හේමන්ත කුලරත්න මහතා විසිනි.

Post Views: 37
Previous Post

G20 සමුළුවට සහභාගීවීමට ඉන්දිය අගමැති මෝදි ජපානයට

Next Post

යෝධ පියවර ගැන අගමැති කියයි

editor

editor

Next Post

යෝධ පියවර ගැන අගමැති කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved