27 July 2024
#දේශීය

අනවසර සංක්‍රමණික ව්‍යාපාරය වැලැක්වීම සාකච්ඡාවක්

මිනිස් ජාවාරම්කරුවන් විසින් සිදු කරනු ලබන අනවසර සංක්‍රමණික ව්‍යාපාරය වැළැක්වීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඕස්ට්‍රේලියානු අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍ය පීටර් ඩට්න් (Hon. Peter Dutton) මහතා සමඟ ඊයේ (04) දින අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර පවත්වා ඇත.

එහිදී පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු රට යළි සාමාන්‍ය තත්වයට පත් කරලීම සඳහාත්, ගෝලීය ත්‍රස්තවාදය මැඬපැවැත්වීම සඳහාත් සිය සම්පූර්ණ සහය ලබා දීමට කටයුතු කරන බව පීටර් ඩට්න් මහතා මෙහිදී අවධාරණය කර ඇති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය නිවේදනය කරයි.

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයාට ඔස්ට්‍රේලියාවේ සංචාරයක යෙදෙන මෙන් ඔස්ට්‍රේලියානු රජය විසින් කළ ආරාධනය ද මෙහිදී ඉදිරිපත් කෙරිණි.

එම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් ඩේවිඩ් හොලි (H.E David Holly), මිනිස් ජාවාරම් වැලැක්වීම පිළිබඳ ඕස්ට්‍රේලියානු රජයේ තානාපති බ්‍රයිස් හචසන් (Mr. Bryce Hutchesson), සෛවරී දේශ සීමා මෙහෙයුමේ අණදෙන නිලධාරී මේජර් ජෙනරාල් ක්‍රෙග් ෆුරිනි (Major General Craig Furini) සහ අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *