27 April 2024
#දේශීය

මම රට වෙනුවෙන් කැපවීම් කරන කෙනෙක් – හිටපු ඇමැති කබීර් (විඩියෝ)

පාස්කු දින ප්‍රහාර සම්බන්ධයෙන් රටේ ඇතැම් පිරිස් විසින් මුස්ලිම් අමාත්‍යවරුන් විසින් බුද්ධි අංශ විසින් කරන පරික්ෂනවලට බාධා එල්ල කරන බවට චෝදනා කල බවත් රටේ ඇති වු කලබලකාරි තත්ත්වය හමුවේ රට ගැන සිතා සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වු බව හිටපු අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසයි.

අද (05) මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ මහතා කියා සිටියේ ඇතැම් පිරිස් පවසා සිටියේ මුස්ලිම් අමාත්‍යවරුන් ආරක්ෂක අංශවලට මෙම පරික්ෂණ සඳහා බාධා එල්ල කරන බවයි.

කෙසේ වෙතත් රටේ යම් නොසන්සුන්තාවයක් හට ගැනීමත් නිසා රට ගැන සිතා සිය අමාත්‍ය ධුරයෙන් ඉවත් වු බව හෙතෙම පැවසිය. එසේම මෙම තීරණය කිසිදු පුද්ගලයෙකු නිසා ගන්නා ලද්දක් නොවන බව ඔහු කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *