• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අපි වගේ හොරුන්ට දරුවන් ලවා වන්දවන්න එපා – මන්ත්‍රී ඉෂාක් කියයි

25 February 2019
in දේශීය

අපි වගේ හොරුන්ට දරුවන් ලවා වන්දවන්න පුරුදු කරන්න එපා ලෙසත් විදුහල්පතිවරුන්ට, ගුරුවරුන්ට වදින්න පුරුදු කළාට කමක් නැති බවත් අපි වගේ එවුන්ට ළමයින්ට හිස නමන්න දෙන්න එපා යැයි එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අනුරාධපුර මහඉලුප්පල්ලම මහා විද්‍යාලයේ සිසු දරු දැරියන්ගේ අධ්‍යාපන කුසලතා අගයමින් වර්ණ ප්‍රදානය කිරීමේ වර්ණාභිමානී කළා මංගල්‍යයෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින්ය.

එහිදි අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් මහතා කියා සිටියේ ” ජනාධිපති, අග්‍රඅමාත්‍ය, අධ්‍යාපන ඇමති අකිල විරාජ් ඇමතිවරයාත් පසුගිය අයවැයේදී 6% ක මුදලක් අධ්‍යාපනයට ලබා දුන්නා.එවැනි මුදලක් අධ්‍යාපනයට වෙන් කරලා දුන්නා මධ්‍යම රජයෙන්.හැබැයි උතුරු මැද පළාතේ හිටපු මහ ඇමති පොලොන්නරුවේ නිසා එතුමා දන්නේ නෑ අනුරාධපුර දරුවන්ගේ අධ්‍යාපනයට ඉහළට ගෙනයන්න ඕන කියලා.එතුමා දන්නේ නෑ පාසල් වලට මුදල් වෙන් කරන්න ඕන කොහොමද කියලා.මමත් ඒ නිසා දේශපාලකයෙක් නිසා කණගාටුවට පත් වෙනවා. අපේ ජනාධිපතිවරයාත්, අග්‍රඅමාත්‍යයවරයාත් ප්‍රමුඛ ආණ්ඩුව අධ්‍යාපනය නංවන්නයි මුදල් ලබා දුන්නේ, නමුත් මේ පළාත තුළ ඒක හරියට කරන්න බැරි වුණ එක ගැන මම කණගාටු වෙනවා.

ඒ වගේම දෙමාපියෝ හිතාගෙන ඉන්නවා තමන්ගේ දරුවෝ පහ වසරේ ශිෂ්‍යත්ව විභාගය සමත් වුණොත් ඔක්කොම හරි කියලා.හැබැයි පහ වසර විභාගය කියන්නේ සාමාන්‍යය විභාගයක්, ඊට එහා ජීවිතය තීරණය කරන විභාග කීපයක් තියෙනවා.මේ දුෂ්කර පළාත් වල තියෙන පාසල් තමයි පහ වසර ශිෂ්‍යත්වය ගැන කථා කරන්නේ, ලොකු පාසල් වල මේවා ගණන් ගන්නේ නෑ,ජනාධිපතිතුමත් කියනවා මේ විභාගය නවත්වනවා කියලා.මේක දෙමාපියන්ගේ විභාගයක්, මේ නිසා දරුවන්ගේ අනාගතය විනාශ කරනවා.මේ නිදහසේ දරුවන්ට ඉන්න තියන කාළය විනාශ කරන්න එපා.ඒ නිසා පහ වසර ශිෂ්‍යත්වය ගැන හිතන්නේ නැතිව සාමාන්‍යය පෙළ -උසස් පෙළ ගැන හිතලා දරුවන්ට උගන්වන්න.

අද පාර්ලිමේන්තුව ඇතුලේ ආණ්ඩුවේ අය විපක්ෂයේ අයට පට්ට හොරු , කම්බ හොරු කියනවා, මේ වගේ දරුවෝ තමයි ලොකු වෙලා මේවායේ තනතුරු වලට යන්නේ,මේ දරුවන්ට ඒ නම් අහන්න කටයුතු කරන්න එපා.දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්න ඒ නිසා යැයි පැවසීය.

මෙම අවස්ථාවට මහා සංඝරත්නය, පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන්, ඉපලෝගම වැඩබලන ප්‍රාදේශීය ලේකම් රේණුකා කුමාරී හේරත් මහත්මිය, මහඉලුප්පල්ලම විද්‍යාලයේ විදුහල්පති ආර්.ඩබ්.එම්.කේ.එස්.එල් රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

 

Post Views: 21
Previous Post

දේශපාලන ගණිකා ව්‍යාපාරයේ යෙදෙන්න බෑ – මරික්කාර් කියයි

Next Post

පහර ගැසීමෙන් වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ වීමක් බව අගමැති කියයි

editor

editor

Next Post

පහර ගැසීමෙන් වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ වීමක් බව අගමැති කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved