27 April 2024
#දේශීය

දේශපාලන ගණිකා ව්‍යාපාරයේ යෙදෙන්න බෑ – මරික්කාර් කියයි

කොකේන් භාවිතා කරන පාර් ලිමේන්තු මන්ත්‍රීවරු සිටිනාවායැයි රංජන් රාමනායක මහතා සිදු කරන ලද ප්‍රකාශය මේ වන විට වඩාත් බරපතල වී ඇති බවත්.මේ නිසා ලංකාව ජාත්‍යන්තර රටවල් ඉදිරියේ ද හෑල්ලුවට ලක්වන බව පාර් ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ අදහස් දක්වන ලද්දේ කොළඹ අලුත්කඩය ප්‍රදේශයේ පැවැති උත්සවයකට සහභාගී වෙමින්.

එහිදී මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා මෙසේ අදහස් පල කර සිටියේය “රංජන් රාමනායක ඇමතිතුමා ඒ කරපු ප‍්‍රකාශය වගකීම් විරහිත ප‍්‍රකාශයක්. එතුමා එහෙම කියනවානම් නම් කරන්න සහ ඔප්පු කරන්න පුළුවන් වෙන්න ඕනේ. චෝදනා කරන්න ඕනෑම කෙනෙක්ට පුළුවන් හන්දියේ කඩපිළක ඉදලත් , ඕන කෙනෙක්ට ඕන කතාවක් කියන්න පුළුවන්නේ. එහෙම කිව්වා කියලා ඒක ඔප්පු වෙන්නේ නෑනේ. ඒ නිසා චෝදනාව හරියට කරලා ඔප්පු කරන්න හැකියාවක් ලැබුනොත් ඒ අයට විරුද්ධව අවශ්‍ය කටයුතු නීති කටයුතු කිරීම සිද්ධ වෙයි.එහෙම බැරි වුනොත් එතුමාට විරුද්ධව පියවර ගැනීමට අනිත් අයටත් සිදු වේවි. මොකද සාමාන්‍ය දේශපාලන වේදිකාවක කරන කතාවක් නෙමෙයි.මේක බරපතල චෝදනාවක්. මේකෙන් හෑල්ලූවට ලක් වෙන්නේ පාර් ලිමේන්තු මන්ත‍්‍රීවරු විතරක් නෙමෙයි, මුළු රටම හෑල්ලූවට ලක්වෙනවා. ජාත්‍යන්තර මාධ්‍යවල යනවා , ජාත්‍යන්තර අවධානය යොමු වෙනවා. ඒ නිසා ලෝකයා ඉදිරියේත් අපි නෝන්ජල් වෙන වැඩක් මේක. අනිත් කරුණ තමයි පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත‍්‍රීවරු 225 ට එක්කෙනෙක්ගේ රූකඩයක් වෙන්න හෝ එක්කෙනෙක්ට ඕන විදිහට දේශපාලන ගණිකා ව්‍යාපාරයේ යෙදෙන්නත් බැහැ යැයි පැවසීය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *