• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අපි හදපු ආණ්ඩුවෙන් අයින් වෙන්න අපිට අවශ්‍ය නෑ – රාජ්‍ය ඇමැති දුමින්ද

29 November 2021
in Uncategorised

අපට ආණ්ඩුවෙන් බැහැලා යන්න වුවමනාවක් නොමැති බවත් හදාගත්ත ආණ්ඩුව, හදාගත්ත ජනාධිපතිතුමා, ඇයි අප දාලා යන්නේ? මැතිවරණයට කලින්, ආණ්ඩු හදන්න කලින් දීපු පොරොන්දු වෙනුවෙන් ආණ්ඩුව මෙහෙය වීම තමයි අපේ බලාපොරොත්තුව යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අනුරාධපුර හොරොව්පතාන ආසන බල මණ්ඩලය අමතමින්ය.

එහිදී අදහස් දැක්වූ රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා, ” ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ව ජනාධිපති කරන කොට අපි පොහොට්ටුවත් එක්ක සන්ධාන ගත වෙන කොට, අපි ගෝඨාභය මහත්තයා එක්ක හරි පොහොට්ටුව එක්ක හරි හොරෙන් ගිහින් අපි ඩීල් දැම්මේ නෑ, හොරෙන් ගිහින් අපි කථා බහ කරේ නෑ, අපි බොහෝම විවෘතව රටටම පේන්න, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විතරක් නෙමෙයි අපිත් එක්ක සන්ධාන ගත වෙලා ඉන්න පක්ෂ 14-15 ක් වගේ විශාල පක්ෂ සංඛ්‍යාවක් එක්ක මාධ්‍ය ඉදිරියේ අපි ගිවිසුම් ගත වුණේ,ඒ ිවුසුමේ තියෙන දේවල් අපි එළියට කිව්වා, ඒ ගිවිසුම් වල තියෙන්නේ ඇමතිකම් ගැන නෙමෙයි, වරදාන ගැන නෙමෙයි, ඒ ගිවිසුම් වල තියෙන්නේ රට හදන සුභවාදී වැඩ පිළිවෙල ගැන, ඒ වැඩපිළිවෙල සම්බන්ධවයි අපි ගෝඨාභය මහත්තයා එකක්යි, පොදු ජන පෙරමුණ එක්කයි එකතු වෙන්නේ.එහෙම නම් අපිට අයිතියක් නැද්ද සුභවාදී අරමුණක් වෙනුවෙන් එකතු වෙච්ච ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට, ආණ්ඩුව ඇතුලේ අඩුවක් වෙනවා නම් ආණ්ඩුව වැරදි පාරක යනවා නම් ආණ්ඩුව කරන දේ වැරදි නම් වැරදි දේට වැරදියි නොකියා කියන්න වෙන වචනයක් තියෙනවාද? යන පාර වැරදි නම් ඒ පාර වැරදියි කියනවා ඇරෙන්න වෙන වචනයක් තියෙනවාද කියන්න.අපි වැරදි පෙන්නලා දෙන කොට රිදෙනවා වෙන්න පුලුවන් ඒ අය ගැසට් ගහන කොට තේරෙන්නේ නැද්ද ඒ වුණේ වරදක් කියලා.වරදක් නොවුනා නම් ගැසට් එකක් අනික් පැත්ත ගහන්න වුවමනාවක් තියෙනවාද? එහෙම නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට අපි ආණ්ඩුවේ කොටස්කාරයෝ වුණාට අපි, මේ ආණ්ඩුවේ අඩුපාඩු ගැන කථා කරන්නේ ආණ්ඩුවත් එක්ක බොහෝම ආදරයෙන්, සමහරු හිතන්න පුලුවන් මේක ආණ්ඩුව විවේචනය කිරීමක්ද? මේ බැහැලා යන්නද කථා කරන්නේ,නෑ අපිට බැහැලා යන්න වුවමනාවක් නෑ,අපි හදාගත්ත ආණ්ඩුව, අපි හදාගත්ත ජනාධිපතිතුමා, ඇයි අපි දාලා යන්නේ? අපිට ඕනකම තියෙන්නේ හදපු ආණ්ඩුව, මැතිවරණයට කලින් දීපු පොරොන්දු ටික, ආණ්ඩු හදන්න කලින් දීපූ පොරොන්දු ටික, ආණ්ඩු හදන්න කලින් දුන්න පොරොන්දු ටික වෙනුවෙන් ආණ්ඩුව මෙහෙය වීම තමයි අපේ බලාපොරොත්තුව.

අපි සමහර වෙලාවට ගොවියෝ ගැන කථා කරන කොට සමහරු කියනවා අපි ගොවියොත් එක්ක දේශපාලනය කරනවා කියලා,අපි ඉතාමත් පැහැදිලිව කියන්න ඕන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියලා කියන්නේ ගොවියෝ රකින පක්ෂයක් කියන එක අපි ඉතාමත් ආඩම්බරයෙන් කියනවා.අපිව මොන විදිහට හංවඩු ගහන්න හැදුවත් ඔව් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොවියොත් එක්ක දේශපාලනය කරනවා.සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු කියන පංච මහා බලවේගය තමයි අපේ හයිය.ගොවියොන්ට අඩුපාඩුවක්, අසාධාරණයක් වෙන කොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපි ඒ වෙනුවෙන් පෙනී ඉන්නවා කියන එක අපි ආඩම්බරයෙන් කියනවා, අපි අතීතයෙත්, වර්ථමානයේත් කරනවා, අනාගතයේදීත් ගොවියාට අසාධාරණයක් වෙන තැන අපි හිටගන්නවා.හැබැයි අපි හිටගන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගොවියෝ වෙනුවෙන් විතරක් නෙමෙයි කියන එකත් අපි කියන්න ඕනකම තියෙනවා.අපි හිටගන්නේ මේ රටේ සමස්ථ ගොවි ජනතාව වෙනුවෙන් කියන එක ආඩම්බරයෙන් කියන්න ඕනකම තියෙනවා යැයි පැවසීය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පළාත් පාලන නියෝජිතයින් ඇතුළු පාක්ෂිකයන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

 

තිසර සමල් – අනුරාධපුර

Post Views: 6
Previous Post

කබල්ලෑ මස සමග අයෙකු දැලේ

Next Post

පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනයේ සංයුක්ත සැළැස්ම එළිදක්වයි

editor

editor

Next Post

පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනයේ සංයුක්ත සැළැස්ම එළිදක්වයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved