27 April 2024
#දේශීය

කබල්ලෑ මස සමග අයෙකු දැලේ

මාතලේ මානිංගමුව ප්‍රදේශයේදි කබල්ලෑයකුගේ මස් ළග තබා ගත් සැකකරුවෙක් 26දා අත්අඩංගුවට ගත් බව මාතලේ වනජිවි කාර්යාලය පවසයි.

සැකකරු සන්තකයේ කිලෝග්‍රෑම් එකහාමරකට ආසන්න ප්‍රමාණයක් තිබු බවද නිලධාරිහු පවසයි.

නිවසේ ශිතකරණයේ මෙම මස් තබා ඇති බවට ලැබුණු තොරතුරු අනුව සැකකරු සමග මෙම මස් අත්අඩංගුවට ගත් බවද නිලධාරිහු කියයි.

සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

මාතලේ වනජිවි කාර්යාලයේ අඩවි ආරක්ෂක එම්.බි විජේකොන් මහතා ඇතුලු නිලධාරින් මෙම වැටලිම සිදු කළහ.

 

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *