• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අභියෝගවලට මුහුණ දෙන්න සුදානම් – සෞඛ්‍ය අමාත්‍යංශය ලේකම් පවසයි

20 October 2020
in දේශීය

ඉදිරියේ එන අභියෝග වලට මුහුණ දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ලෙස අප පෙර සූදානමකින් මේ වනවිට පසු වන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (20) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි. එහිදී ලේකම්වරයා කියා සිටියේ මිනුවන්ගොඩ ඇගළුම් ශාලාව කේන්ද්‍ර කරගෙන පසුගිය 04 වන දා මතු වූ කොවිඩ් පොකුරෙන් මේ දක්වා ආසාදිතයින් 2222 ක් හදුනාගෙන තිබෙන බවයි.

මෙයට හේතු වී තිබෙන්නේ ඔවුන් රැකියා කරන ස්ථානත්, ඔවුන් නවාතැන් ගෙන සිටින ස්ථානවල ස්වභාවය සහ මොවුන්ගේ හැසිරීමේ ස්වභාවය බව හෙතෙම පැවසිය.

ඉදිරියේ එන අභියෝග වලට මුහුණ දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ලෙස අප පෙර සූදානමකින් මේ වනවිට පසුවෙන බව ඔහු අවධාරණය කළේය.

දෛනිකව සිදු කරන පී.සී.ආර් පරීක්ෂණ සංඛ්‍යාව ඉහළ නැංවීමට කටයුතු කර තිබෙනවා එමෙන්ම අමාත්‍යාංශය තුල ක්‍රියාන්විත මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර තිබෙන බව ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේය.

වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් එස්. ශ්‍රිධරන් මහතාගේ කථාවේ ඇතුළත් දත්ත අනුව

මේ වනවිට තහවුරු කළ කොරෝනා රෝගීන් මුළු සංඛ්‍යාව – 5685

සුවපත් වූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව – 3457

අද පස්වරුව වන විට රෝහල්ගත කර ඇති කොරොනා රෝගීන් ලෙස සැක සහිත රෝගීන් සංඛ්‍යාව -329

පී.සී.ආර් පරීක්ෂණාගාර – 24

මේ වනවිට සිදුකර ඇති පී.සී.ආර් පරික්ෂණ සංඛ්‍යාව – 398,196 ( තුන්ලක්ෂ අනූඅටදාස් එකසිය අනූහයයි)‍

මේ වනවිට ප්‍රතිකාර මධ්‍යස්ථාන – 21

නිරෝධායන මධ්‍යස්ථානවල පසුවන ප්‍රමාණය – 7295 ක් වේ.

 

 

 

Post Views: 12
Previous Post

කුලියාපිටිය ඇතුළු පොලිස් බල ප්‍ර දේශ 05 කට ඇඳිරී නීතිය

Next Post

මිනුවන්ගොඩ කොරෝනා පොකුර 2342 දක්වා ඉහලට

editor

editor

Next Post

මිනුවන්ගොඩ කොරෝනා පොකුර 2342 දක්වා ඉහලට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved