• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අයිති නැති වුණත් දුමින්ද යාන් ඔය ජලාශයේ නිරික්ෂණ චාරිකාවක

30 December 2018
in සංවර්ධන

පැවති වර්ෂා සහිත කාළගුණයත් සමගින් ඉදි වෙමින් පවතින යාන් ඔය ජලාශය ජලයෙන් පිරි යාමේදී බලාපොරොත්තු නොවූ ගම්මාන ජලයෙන් යට වෙමින් පවතින බැවින් එම ගම්මාන වල ජනතාවටද වන්දි මුදල් ලබා දී ඔවුන්ද නැවත පදිංචි කිරීම් කටයුතු සිදු කරන බව හිටපු වාරී මාර්ග, ජල සම්පත් හා ආපදා කළමණාකරන අමාත්‍යය, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි.

ඒ මහතා ඊයේ (29) යාන් ඔය ජලාශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර, ඒ මහතා ප්‍රධාන වේල්ල, වාන් දොරටු මෙන්ම ජලාශය නිරීක්ෂණය කරනු ලැබීය.එහි ඉදිකිරිම්හි වත්මන් ප්‍රගතිය සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා නිළධාරීන් සමඟ සාකච්ජා කරනු ලැබීය. මෙරට ඉදි වන තෙවැනි විශාලතම ජලාශය වන යාන් ඔය ජලාශය උපරිම ජල මට්ටමට පිරී යාම හේතුවෙන් මේ වන විට එහි වාන් දොරටු තුනක් විවෘත කර ඇත.යාන් ඔය ජලාශය වාන් දමන අයුරු නැරඹීමට විශාල පිරිසක් එම ප්‍රදේශයට මේ දින වල පැමිණෙති.

නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා, “ මේ වන විට යාන් ඔය ජලාශයේ වාන් දොරටු පහෙන් තුනක් විවෘත කර තිබෙනවා.යාන් ඔය ජලාශය අක්කර අඩි එක් ලක්ෂ හතලිස් දහසක ප්‍රමාණයක් ජලයෙන් පිරි තිබෙනවා.මෙය ඉතාම සාර්ථක ව්‍යාපෘතියක් ලෙස ඉදිරියේදී අපිට පුලුවන්කම ලැබෙයි අපි බලාපොරොත්තු වෙන , වාරී කර්මාන්තය උදෙසා අවශ්‍යය වෙන ජලය ලබා දීමටත විශේෂයෙන්ම ජලය නොලැබෙන, දෙකන්නය වගා කර ගැනීමට නොහැකිව සිටි ගොවිජනතාවට මේ ව්‍යාපෘතියේ සාර්ථකත්වයත් සමගින් තම ගොවිතැන් සාර්ථක කර ගැනීමේ හැකියාවත් පවතිනවා.

ඒ වගේම මම හිටපු වාරී මාර්ග අමාත්‍යයවරයා, දැන් මට මේ දේවල් අයිති නෑ, නමුත් මම හිටපු අමාත්‍යයවරයා ලෙස අදාළ නිළධාරින් සමඟ සාකච්ජා කලා දැන් යාන් ඔය ජලාශයේ උපරිම මට්ටමට ජලය පිරී පවතින නිසා අපි මුලින් සැලසුම් කරපු ප්‍රමාණයට වඩා වැඩියෙන් ජලය පිරිලා ගම්මාන යට වෙලා යම්කිසි හානියක් සිද්ධ වෙලා තියෙනවා නම් ඒ ටිකත් මැනුම් කටයුතු සිදු කරලා, හානිය ඇස්තමේන්තු කරලා ඒ ජනතාවටත් වන්දි මුදල් ඇතුලු සහනයන් ලබා දෙන්න කියලා උපදෙස් ලබා දුන්නා.නිළධාරීන් පොරොන්දු වුණා ඉදිරි කාළය තුල නිළධාරීන් යොදවලා අපි බලාපොරොත්තු වූ ප්‍රමාණයට වඩා ප්‍රදේශයන් හා ගම්මාන ජලයෙන් යටවෙලා තියෙනවා නම් කලින් ජලාශයට ඉඩම් අහිමි වූවන්ට ලබා දුන් වන්දි ප්‍රමාණයන්ම ලබා දීම සඳහා.මෙම ව්‍යාපෘතිය තව වසරක් වැනි කාළයක් තුළ මෙම ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම අවසන් කරන්න හැකියාව තිබෙනවා යැයිද පැවසීය.

මෙරට වාරී සිහිනය සැබෑවක් කරමින් ඉදිවන තෙවැනි විශාලතම ජලාශය වන යාන් ඔය ජලාශයේ වේල්ල කැබිතිගොල්ලෑව වාහල්කඩ ප්‍රදේශයේ ඉදි කෙරෙන අතර ප්‍රධාන වේල්ල, වාන් දොරටු ඇතුළු එහි ඉදි කිරීම් කටයුතු අවසන් වී ජලාශයේ ඉදිකිරීම් කටයුතු අවසන් අදියරට පැමිණ ඇත.යාන් ඔයජලාශයට ජලය පිරීමත් සමගින් එහි වාන් දොරටු පරික්ෂාව හා වේල්ලේ තත්ව පරික්ෂාව මෙන්ම ජලාශයට යටවන ප්‍රදේශ පිළිබඳ පරික්ෂාවන් මේ වන විට සිදු කෙරෙමින් පවතියි.

අනුරාධපුරයේ රිටිගල කඳුවැටි පෙදෙසින් ආරම්භ වී රිටිගල හා හුරුළුවැව රක්‍ෂිත වලින් පෝෂණය ලබා ගලෙන්බිදුණුවැව, මොරකෑව, හොරොව්පතාන, රත්මලේ, කපුගොල්ලෑව,කහටගොල්ලෑව, ගෝමරන්කඩවල ආදී ප්‍රදේශ සරුසාර කරමින් ත්‍රිකුණාමලය දිස්‌ත්‍රික්‌කයේ කල්ලරාව අසලින් මුහුදට ගලා බස්‌නා විසල් දිය දහරාවකි යාන් ඔය. නියං සමයේදී වැලි තලාවක්‌ මැදින් අලසව ගලායන සිහින් දිය දහරක්‌ වුවත් වැසි සමය තුළ දෙගොඩ තලා යන ”බලගතු ජල කඳක්‌” ලෙසින් යාන්ඔය මුහුදට ගලා බසියි.හුරුළු වැව හා වාහල්කඩ වැව හැරුණු විට මේ විසල් දිය දහරාවෙන් ප්‍රයෝජන ලබන තවත් වාරි ව්‍යාපෘතියක්‌ යාන්ඔය අවට නොමැතිකමින් වසරක්‌ පාසා මෙසේ නිරපරාදේ මුහුදට ගලා බස්‌නා මෙම යෝධ දියකඳ මෙල්ල කර යාන් ඔය ජලාශය නමින් වාරි ව්‍යාපෘතියක්‌ ආරම්භ කිරීමට රජය තීරණය කරනු ලැබීය.ඒ අනුව යාන් ඔය හරස් කර කැබිතිගොල්ලෑව වාහල්කඩින් වේල්ලක් බැඳ උතුරුමැද, නැගෙනහිර පළාත හා වන්නි දිස්ත්‍රික්කයේ ගොවි ජනතාවට ජලය සැපයීමේ අරමුණින් යාන්ඔය ජලාශ ව්‍යාපෘතිය ඉදි කිරීම ආරම්භ කර ඇත.

ස්වාභාවික කදු පන්ති යා කරමින් මෙහි ප්‍රධාන වේල්ල ඉදි කර ඇති අතර, හොරොව්පතාන”යකිනිකන්ද” හා ගෝමරන්කඩවල ”වෙහෙරබැඳි කන්ද” යා කරමින් කොටස්‌ 4 කට ඉදිකරන වේල්ල යටතේ මෙම ජලාශය මගින් හෙක්‌ටයාර් 4100 ක්‌ පමණ වූ ඉඩම් ප්‍රමාණයක්‌ යටවන බව ගණන් බලා තිබේ. චීන රජයේ ණය යෝජනා ක්‍රමයකට අනුව චීන රජයේ ඉදි කිරීම් සමාගමක මෙහෙයවීමෙන් මෙහි ඉදිකිරීම් කටයුතු සිදු කෙරෙයි.මෙහි ප්‍රධාන වේල්ල කිලෝ මීටර 2 කට ආසන්න දිගින් යුක්ත වන අතර, එහි ඉදි කිරීම් මේ වන විට අවසන් අදියරට පැමිණ ඇත.

යාන් ඔය ජලාශයේ වැඩි ජලය පිට කරන වේල්ල මේ වන විට ඉදි කර අවසන්ය.මෙම ව්‍යාපෘතිය හේතුවෙන් පවුල් 500 කට ආසන්න පිරිසකට සිය නිවාස හා ඉඩ කඩම් අහිමි වන අතර, ඔවුන්ට වන්දි මුදල් ලබා දීමද රජය මගින් සිදු කරනු ලබයි.තවද කුඹුරු ඉඩම් අහිමි වූ ගොවි ජනතාව වෙනුවෙන් කන්න වන්දි ලබා දීම සිදු කෙරෙන අතර, ඒ වෙනුවෙන් අක්කරයකට රුපියල් 35 000 ක වන්දියක් ගොවින්ට වන්දි ලෙස පිරිනැමිණි.

යාන් ජලාශයෙට අමතරව ප්‍රදේශයේ මාර්ග පද්ධතිය අලුත්වැඩියා කෙරන අතර, ඉඩම් අහිමි වූ ජනතාව මේ වන විට අලුතින්ම නිර්මාණය වූ ගම්මාන 04 ක පදිංචි කිරීම් කටයුතු ආරම්භ කර ඇත.එම ගම්මානයන්හී ජල විදුලි පහසුකම් ආදියෙන්ද යුක්තය.තවද ජලාශයේ සිට උතුරු පළාතට ජලය ගෙන යාම සඳහා ඇළ පද්ධතියද මේ වන විට ඉදි කෙරෙමින් පවතියි.

 

තිසර සමල් – එප්පාවල

 

Post Views: 6
Previous Post

අනතුරු අවම කරමු – සෞඛ්‍ය අංශ කියයි

Next Post

ID එක හෙට සිට අලුත් විදිහකින්

editor

editor

Next Post

ID එක හෙට සිට අලුත් විදිහකින්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved