• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අරාබී භාෂා පුවරු වහාම ඉවත් කරන ලෙස ඇමැති වජිරගෙන් නියෝග

26 May 2019
in දේශීය

රටේ තිබිය යුත්තේ එක නීතියක් බවත් අරාබි භාෂාව අරාබි නීති ෂරීයා නීති මෙරට වලංගු නොමැති බවත් අරාබි අකුරු ගහපු පුවරු සියල්ලම ගලවා දමන්න රාජ්‍ය නිලධාරීන් වහාම කටයුතු කරන ලෙස අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ රාජ්‍ය නිලධාරීන් අමතමින් සිදුකරන ලද දේශනයකදීය.

එහි දී අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ පැවසිය“නැගෙනහිර පළාතේ ඇතැම් තැන්වල අරාබි අකුරු සඳහන් පුවරු තිබෙනවා කියා පැමිණිලි ලැබී තිබෙනවා. ඒ් නිසා අගමැතිතුමාගේත් ජනාධිපතිතුමාගේත් උපදෙස් මත අපි චක්‍රලේඛයක් නිකුත් කරනවා සියලුම ප්‍රධාන ලේකම්වරුන්ට. දිසාපතිවරුන්ට, ප්‍රාදේශීය ලේකම්වරුන්ට සහ පළාත් පාලන ආයතනවලට අරාබි අකුරු සඳහන් සියලු පුවරු රජයේ වේවා පුද්ගලික අංශයේ වේවා ගලවා දමන්න කියා. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව භාවිතා කරන්න පුළුවන් භාෂා තුනයි. සිංහල දෙමළ සහ ඉංග්‍රීසි පමණයි. අරාබි භාෂාවෙන් පුවරු සවිකර තිබෙනවානම් ඒ්වා ගලවාදැමිය යුතුයි. ඒ සඳහා රාජ්‍ය නිලධාරීන් වහාම ක්‍රියාත්මක විය යුතුයි.
ඒ විතරක් නෙවෙයි මේ රටේ නීති දෙකක් තිබෙන්න බෑ. අපේ රටේ තියෙන්නේ එක නීතියයි. මොන ආගමිකයාට වුණත් ඒ නීතිය පමණයි. ෂරියා නීතිය මෙහේ බෑ, ගල් ගහලා මරණ ඒවා. බෙල්ල කපා මරණ ඒවා මෙහේ කරන්න ඉඩ දෙන්නේ නැහැ. නමුත් අවාසනාවන්ත තත්ත්වයක් තිබුණා. 2010 සිට 2015 දක්වා මේ රටේ පාර්ලිමේන්තුවේ හදිසි පනත් කිහිපයක් සම්මත කරගෙන. මේ පනත් ඇතුලේ ෂරියා නීතිය තිබෙනවා. ඇතැම් ගැසට් පවා නිකුත් කරලා තිබෙනවා. අපි දැන් රජයක් ලෙස මේ ගැසට් සියල්ල අවලංගු කරනවා. ඒ වැරදි විදියට සම්මත කරපු පනත් සියල්ල සංශෝධනය කරනවා. මේවා රජය කඩිනමින් කරන්න අවශ්‍ය පියවර ගන්නවා. කඩිමුඩියේ සම්මත කළ ඇතැම් පනත් අනුව යමින් රාජ්‍ය නොවන සංවිධාන ද ලියාපදිංචි කර තිබෙන බවයි. මේ සියල්ල ගැන නැවත සොයා බලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට ජනාධිපතිතුමාගේ සහ අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් මත කටයුතු කරමින් තිබෙන බවත් නීතිය ආගම අනුව වෙනස් වන දෙයක් නොවන බවත් ආගම අනුව වෙනස් වන්නේ සංස්කෘතිය පමණක් බව යැයි අමාත්‍යවරයා පැවසීය.

Post Views: 24
Previous Post

රාජ්‍ය සේවකයින් බලු – කපුටු ආත්ම ලැබීම වැළැක්වීමට අභ්‍යන්තර විගණනය ශක්තිමත් විය යුතුයි

Next Post

ඇමැති රිෂාඩ් ත්‍රස්තවාදයට සම්බන්ධනම් එල්ලුම් ගස් යවන්න සහාය දෙන බව මන්ත්‍රී මනුෂ කියයි

editor

editor

Next Post

ඇමැති රිෂාඩ් ත්‍රස්තවාදයට සම්බන්ධනම් එල්ලුම් ගස් යවන්න සහාය දෙන බව මන්ත්‍රී මනුෂ කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved